පොසොන් රාජ්‍ය උත්සවය ගැන රජයෙන් නිවේදනයක්

1369

රාජ්‍ය පොසොන් උත්සවය සදහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශව ගෙන යන චෝදනා මුළුමනින් සාවධ්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.අනුරාධපුර පොසොන් වැඩසටහන් සදහා අමාත්‍යාංශය දෙකක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් රුපියල් මිලියන 28.8ක් ලබාදී ඇතැයි ද එය 2019 වසරට පසු ලබාදුන් විශාලතම මුදල් බවද සදහන් කරයි. එසේම බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් මෙවර ජුනි 02 වැනිදා මිහින්තලේ පොසොන් පෙරහර ද සංවිධානය කරන බව ද පවසයි. තවද ගුවන් හමුදා සහ යුද හමුදා සෙබලුන් යොදා මිහින්තලා පුද බිම සංවර්ධන කිරීම සහ පොසොන් වැඩසටහනේ සෙසු කාර්යයන් සිදු කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment