පොසොන් සමරන්න අනුරාධපුරයට – මිහින්තලයට බැතිමත්හු ලක්‍ෂ 20ක්

158

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර හා මිහින්තලය කේන්ද්‍රකර ගෙන පැවති ආගමික වතාවත්වලට සහභාගි වීම සඳහා බැතිමතුන් මිලියන දෙකකට (02 කට) අධික පිරිසක් ඊයේ (04දා) වන විට අනුරාධපුරයට හා මිහින්තලයට පැමිණ ඇතැයි අනුරාධපුර පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසයි.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර විශාල දන්සල් ප්‍රමාණයක් ද අනුරාධපුර හා මිහින්තලය ආශ්‍රිතව පැවතුණි. මෙවර පොසොන් සතිය පසුගිය 31 දින සිට හෙට (06 දා) දක්වා පැවැත්වේ.

මෑත කාලයේ වැඩිම දන්සල් සංඛ්‍යාවක් මෙවර පැවති අතර දන්සල් දෙසීය පහළොවක් (215ක්) පැවති බව අනුරාධපුර නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග මහතා පැවසීය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මඟපෙන්වීම මත මෙවර ඉතා ගුණාත්මක ලෙස දන්සල් පැවති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජලාශවල දියනෑමෙන් ඊයේ වන විටත් කිසිදු අනතුරක් සිදුව නොමැති අතර ජනතාව දැනුවත් කිරීම සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙයට හේතු වූ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහනාම මහතා පැවසීය.

මිහින්තලය පුදබිම ආශ්‍රිතව ද මෙතෙක් කිසිදු අනතුරක් වාර්තා නොවූ බව මිහින්තලය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. එන්. ආර්. ගුණසේකර මහතා පැවසීය.
අනුරාධපුර – පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ, නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment