පොහොට්ටුවෙන් ජනපතිවරණයට එන්නේ රටේ සම්පත් විකුණන්නේ නැති අපේකම හඳුනන නායකයෙක් – පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

1

සුද්දගෙන් හාල්, පොල් ගෙනැත් කන්න දෙනවා වෙනුවට අපේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරනවා – ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ

මේ රටේ සම්පත් විකුණන්නේ නැති, රට බෙදන්නේ නැති, අපේකම හඳුනන, රටට ආදරය කරන නායකයෙක් ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත්කරන බව එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා (27 දා) පොලොන්නරුවේදී පැවැසීය.

පොහොට්ටුවෙන් ජනපතිවරණයට එන්නේ රටේ සම්පත් විකුණන්නේ නැති අපේකම හඳුනන නායකයෙක් - පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

අපේ පක්‍ෂය ජනාධිපතිවරු බිහිකරන්නේ එක එක්කෙනාට ඇමතිකම් ගන්න, තනතුරු, තාන්න මාන්න, වරදාන, වරප්‍රසාද ගන්නට නොවේ යැයිද ඒ මහතා කීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව ආසන බල මණ්ඩලයේ රැස්වීමක් අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් සංවිධායක, මහාමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් මහතා විසින් සංවිධානයකර තිබූ මෙම ආසන බල මණ්ඩල රැස්වීම පොලොන්නරුව ගිරිතලේ දී පැවැති අවස්ථාවේ තවදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මහතා මෙසේද කීය.

පොහොට්ටුවෙන් ජනපතිවරණයට එන්නේ රටේ සම්පත් විකුණන්නේ නැති අපේකම හඳුනන නායකයෙක් - පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි හැමෝම අභිමානවත් පිරිසක්. මේ රටේ මෙතෙක් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම ජනනායකයාගේ සෙවනේ එතුමාගේ ප්‍රතිපත්ති මත පිහිටලා කටයුතු කරන ඉතා සාඩම්බර පිරිසක්. මේ රටේ අවුරුදු තිහක් තිස්සේ යුද්දේ නවත්වපු නායකත්වයත් මාස දෙකක් මේ රටේ තිබිච්ච පෝලිම් ඉවරකරපු එක සංසන්දනය කරන්න පුලුවන්ද? මේ රටේ දැවැන්ත විශ්වවිද්‍යාල, පාසල් විද්‍යාගාර හදලා, දැවැන්ත විදුලිබලාගාර හදලා අවුරුදු ගාණක් පල්වෙච්ච ප්‍රශ්න විසඳපු ඒ නයකයාත් එක්ක මාස දෙකක් තිබ්බ තෙල් පෝලිමකුයි, ගෑස් පෝලිමකුයි විදුලි කප්පාදුවකුයි සංසන්දනය කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නය තමුන්නාන්සේලාගෙන් අහනවා. අද හැමෝම අපෙන් අහනවා ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂයා කවුද කියලා. තමුන්නාන්සේලා මේ පක්‍ෂය නිර්මාණය කළේ මේ රට ගැන හිතලා. තමුන්නාන්සේලා මේ පක්‍ෂය මේ රටට නිර්මාණය කරලා දුන්නේ ගමක්, ගමක් ගානේ ඇවිදලා. මේ රටේ අනාගතය ගැන හිතලා. මේ පක්‍ෂය නිර්මාණය කළේ මේ රට බෙදන්නේ නැතුව ඒකීයව තියාගන්න ඕන නිසා. මේ පක්‍ෂය නිර්මාණය කළේ අපේ ජාතික සංස්කෘතිකය රැකගන්න පක්‍ෂයක් මේ රටට අවශ්‍යය නිසා. මේ දූ දරුවන් වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් පක්‍ෂයක් ඕන හින්දා. අපේ රටේ ජාතික සම්පත් සුරකින්න ඕන හින්දා.

පිටරටින් හාල් ගෙනල්ලා කන්න දෙන යුගය වෙනුවට දේශීය ගොවියාගේ ආර්ථිකය ශක්තිමත්වෙන විදියේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ රජය බව මෙම රැලිය ඇමතූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය. සුද්දගෙන් හාල්, පොල් ගෙනැල්ලා කන්න දෙනවා වෙනුවට අපේ රටේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත්වෙන විදියේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළා. අපි හැමදාම විශ්වාස කළේ මේ රටේ දේශීය ආර්ථිකය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment