පොහොට්ටුවේ අයට ලක්ෂ දෙසීය ගාණේ දුන්නත් – ගිනි තියපු ගේ හදන්න රජයෙන් ශත පහක උදව්වක් ලැබුණේ නෑ

204

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

මගේ ගිනි තියපු ගෙදර ගොඩනගන්න රජයෙන් හෝ රජය නියෝජනය කරපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ශත පහක උදව්වක් ලැබුණේ නැතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ගාල්ලේදී පැවසීය.

ගිනි තබා විනාශ කළ හපුගල පිහිටි ඒ මහතාගේ නිවස යළි ගොඩ

නැගීමෙන් අනතුරුව ගෙවදීමේ උත්සවයෙන් පසුව මාධ්‍ය වේදීන් අමතමින් වීරක්කොඩි මහතා මේ බව කීවේය. හෙතෙම මෙසේද කීවේය.

අරගලයට අනවශ්‍ය කොටස් එකතුවෙලා මගේ ගෙදරටත් ගිනි තිබ්බා. රාජ්‍ය පාලනය ගැන තුට්ටු දෙකකවත් අවබෝධයක් නැති නායකයෙක් ඒ සියල්ලටම මුල් වුණා. ගිනි තැබූ අපේ නිවස යළි

ගොඩනැගුවේ අපි හම්බකර ගනිපු සල්ලි වලින්. මාස හතක් තිස්සේ මෙය අපි ගොඩ නැගුවා. මේ ගෙදර අපි හදපු එකක් නෙවෙයි මගේ අම්මයි තාත්තයි අවුරුදු පණහකට පෙර හදපු එකක්. පොහොට්ටුවේ උදවියට ලක්ෂ දෙසීය ගණනේ දුන්නත් අපිට තුට්ටු දෙකක්වත් දුන්නේ නැහැ. තුට්ටු දෙකක්වත් නොදීපු එක ගැන අපි එක අතකින් සතුටු වෙනවා.

මේ නිසා අපේ ස්වාධීනත්වය ආරක්ෂා වෙනවා. ජනතාවට නිවැරදි උත්තර ලබා දී දේශපාලනය කළ හැකියි. අපි සල්ලිවලින්ම ජීවත් නොවීම නිසා මට කියන්න තියෙන්නේ ගිනි තිබ්බත් විනාශ කළත් මොන ප්‍රහාර එල්ල වුණත් කුමන අභියෝග ආවත් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කළ යුතු දේ කාටවත් නවත්වන්න බෑ.

මේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ඇමැති පියසේන ගමගේ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල, හිටපු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment