පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අහසට වෙඩි තබයි

541


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ලලිත් වර්ණකුමාර මහතා අද අලුයම හොරණල දොඹගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී අහසට වෙඩිතබා පලාගොස් ඇත.
දොඹගොඩ යුධහමුදා නිවසක මියගිය තැනැත්තියකගේ තෙමස් පූර්ණ පිංකමක් පැවැත්වී ඇති අතර ඒ සදහා මන්ත්‍රීවරයාටද ලද ආරාධනයකට අනුව සහභාගි වී තිබෙ.
එහිදී මන්ත්‍රීවරයා නිවසේ සිටි පිරිසක් සමග ඇතිවූ කතාබහක් බහින්බස් වීමක් දක්වා දුරදිග ගොස් සමථයකට පත්ව මන්ත්‍රීවරයා ඉන් පිටත්ව ගොස් ඇත.
නැවත සුළු වේලාවකින් පසු එහි පැමිණ ඇති මන්ත්‍රීවරයා නිවස දෙසට සහ අහසට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර හොරණ දෙසට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment