පොහොට්ටුවේ හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරු 90%ක් තරග බිමට

132

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිතයන්ගෙන් සියයට 95ක පමණ පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයට පිවිසෙන බව ස්ථීර වශයෙන්ම සනාථ කරන්නේ යැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින’ට ඊයේ (05දා) පැවසීය. මේ හැර විවිධ රෝගාබාධවලට ලක්වූ සහ විවිධ චෝදනා ඇති හිටපු පළාත් පාලන නියෝජිතයන් සියයට පහක පමණ පිරිසක් මෙම ඡන්දයට ඉදිරිපත් නොකරන බවද ඒ මහතා කීය. මෙම ඡන්දයට ඉදිරිපත් වෙන තම පෙරමුණේ හිටපු නියෝජිතයන්ට නම කැතවන ආකාරයට කටයුතු නොකරන ලෙස එම පෙරමුණ විශේෂ දැනුම්දීමක් කර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment