පොහොට්ටුව මැතිවරණ කල් දැමීමට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ – සාගර කාරියවසම්

78

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල් දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඊයේ (18දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

අපි පහුගිය දිනවල දැක්කා මේ රටේ මැතිවරණ නැති කරන්න මුල්වෙච්ච සංවිධාන, පක්ෂ, පුද්ගලයින් හිටපු ගමන් ජනතාවගේ ගැලවුම්කරුවන් බවට පත්වෙන්න බොහෝම අසාර්ථක උත්සාහයක යෙදෙනවා. මේ රටේ නිසි කාලයට ඡන්ද පැවැත්වීම ගැන මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතිහාසය ගැන බැලු‍වොත් අපි නිසි කලට කලින් මේ රටේ ජනතාවට මැතිවරණ, ඡන්ද විමසීම් දීලා තිබෙනවා. ඒ තමයි අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය. අපි කවදාවත් මහජන මතයට බයේ දුවන, මහජන මතයට ගරු නොකරන පක්ෂයක් නොවේ. අපේ පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමයි. අපි කිසි ආකාරයකින් කිසිදු විටක මැතිවරණයකට බය වෙන්නෙවත්, පලා යන්නෙවත් නෑ. අපි තමයි පක්ෂයක් විදිහට මේ රටේ නිසි කලට ඡන්ද පවත්වන්න ඕන කියලා අධිකරණය ඉදිරියට ගියේ

පහුගිය කාලයේ. අපි ඒ ස්ථාවරයේ අදත් ඉන්නවා. අපි පක්ෂයක් හැටියට කියනවා ඕනම මොහොතක පවත්වන ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය, සංවිධානය අපිට තිබෙනවා කියලා. අපි ඒ අවශ්‍ය වටපිටාව සකස් කරමින් සිටිනවා. අපේ පක්ෂය ශක්තිමත් කරමින් සිටිනවා. අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා සමාජ මාධ්‍යවල මොන දේ පල වුණත් ඉදිරියේදී පැවැත්වෙන ඡන්ද විමසීමකදී හෝ මැතිවරණයකදි මේ රටේ ජනතාව අපිට අවශ්‍ය ඡන්දය ලබාදීලා අපේ පක්ෂය ඉහළින්ම ජයග්‍රහණය කරන බවට. අපි කිසිදු ආකාරයකින් මේ සම්බන්ධ කල්දැමීමකට ඉඩ දෙන්නෙත් නෑ අපි ඒ වගේ තැනකට යන්නෙත් නෑ කියලා ඒ පොරොන්දුව මේ රටේ ජනතාවට දෙනවා.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment