පොහොට්ටුව හැම තැනම

266

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අති බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවකට තරග කරන බවත් එජාපය සමග ඒකාබද්ධව අලියා ලකුණ යටතේ තරග කරන ස්ථාන පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළ ආයතනවලට අලියා ලකුණ යටතේ තරග කිරීම පිළිබඳව සාකච්ඡා කළත් ඒ පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් ඒ මහතා කීය. 13 වැනි සෙනසුරාදා වන විට යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇප මුදල් භාරදී අවසන් කරන බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ ඇප මුදල් තැම්පත් කිරීම පිළිබඳව ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා සමග සාකච්ඡා කළත් ඒ පිළිබඳවද අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment