පොහොට්ටුව 6ට කැඩිලා වැඩි පිරිසක් රනිල් සමග

297

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 142ක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කොටස් 06කට කැඩී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුව නියෝජනය කරන පිල, බැසිල් රාජපක්ෂ පිල, මෛත්‍රිපාල සිරිසේන පිල, ඩලස් පිල, විමල් වීරවංශ පිල සහ අනුර ප්‍රියදර්ශන යාපා පිල ලෙස පොදුජන පෙරමුණ කොටස් 06කට කැඩී ඇතැයි පැවසේ.

දැනට වැඩි නියෝජනයක් සහිත පිල බවට පත්ව ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම බවත් එම ගණන 96ක් බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිලේ බහුතරයකගේ අදහස වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරි දේශපාලන ගමන යායුතු බව යැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

උපාලි ද සේරම් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment