පොහොට්ටු මංගල රැලිය මාර්තු 10 ත් 20 ත් අතර අනුරාධපුරයේදී පවත්වනවා

98
  • පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට සංවිධානය කර තිබූ රැස්වීම් මාලාවේ ඊයේ (24 දා) අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ මංගල මහා රැළිය ලබන මාර්තු 10 ත් 20 ත් අතර දිනකදී පැවැත්වීමට පක්ෂයේ නායකයන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

එදා 2005 ජනාධිපතිවරණය සඳහා අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්ව එහි ප්‍රධාන මංගල මැතිවරණ ප්‍රචාරක රැළිය අනුරාධපුරයෙන් ආරම්භ කර දා සිටම පැවැති සෑම මැතිවරණයකදීම අප පක්ෂයේ ප්‍රථම ප්‍රචාරක රැලි සම්ප්‍රදායක් වශයෙන් ආරම්භ කළේ අනුරාධපුර සල්ගාදු පිටියෙන්. ඒ අනුව මෙවරත් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක මහා රැළිය අනුරාධපුරයෙන් ඊයේ ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබුණා.

නමුත් පළාත් පාලන මැතිවරණයට එරෙහි පෙත්සම සලකා බැලීම මැයි 11 වැනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කලතැබීම, මැතිවරණ කොමිසමේ ප්‍රශ්න හා මුදල් ප්‍රශ්න ආදිය හේතුවෙන්, අවිනිශ්චිත භාවයක් තබාගෙන සංවිධානය කර තිබූ පරිදි ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැළිය ඊයේ නොපැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කළා. ඒ අනුව පක්ෂය තීරණය කළා ඡන්දය තිබුණත් නැතත් ලබන මාර්තු මස 10 ත් 20 ත් අතර දිනක අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට. ඉන්පසු දිස්ත්‍රික්ක මට්ටමින් රටපුරා රැස්වීම් පැවැත්වීමට.

‘අපට ගමට යන්න බැහැ, රැස්වීමක් තියා ගන්න බැහැ පක්ෂය වැටිලා කියා ඇතමුන් කියා තිබුණත් අපට ගමට යන්න බැරිකමක් හෝ රැස්වීමක් පවත්වන්න බැරිකමක් ඇතිවී නැහැ. අපේ රැස්වීම පවත්වන්නේ අනුරාධපුර සල්ගාදු පිටියේමයි. මෙම රැළිය අනෙක් පක්ෂ විසින් අනුරාධපුරයේ පැවැත්වූ

රැස්වීම්වලට වඩා ඉහළින් පවත්වනවා.

advertistmentadvertistment
advertistmentadvertistment