පොහොට්ටු මන්තී‍්‍ර ඇතුළු ආණ්ඩු හිතවාදී පිරිසක් කෝට්ටේ සජබ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ

229

වාහනවල පෝස්ටර් අලවා බිත්තරත් ගහලා

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ මහතා ඇතුළු ආණ්ඩුවට හිතවත් පිරිසක් කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක නිරතවීම නිසා ඊයේ (07දා* පෙරවරුවේ එම ස්ථානයේ කලහකාරී තත්ත්වයක් ඇති වී ඇත.

මෙහිදී සමගි ජන බලවේගය කාර්යාලයේ සිටි පිරිස ද ඔවුන්ට එරෙහිව පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් විවිධ ප‍්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් පිටතින් පැමිණි ආණ්ඩු හිතවාදී පිරිස් ඔවුන්ට බිත්තර ප‍්‍රහාරයක් ද එල්ල කර තිබේ. ඔවුන් එම ස්ථානයේ නවතා තිබූ වාහන දෙකක ද පෝස්ටර් අලවා කෑගසමින් උද්ඝෝෂණය කිරීම නිසා පක්ෂ කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ වාහන තදබදයක් ද ඇතිවී ඇත.

ආණ්ඩුවට එරෙහිව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මේ වන විට සිදු කරන විවිධ කි‍්‍රයාවලට එරෙහිව සියයකට අධික පිරිසක් මෙසේ විරෝධය පළ කරමින් කෑ කෝ ගසා ඇති අතර සිද්ධිය පාලනය කිරීමට පොලිසිය ද කැඳවා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ මහතා, පසුගිය ආණ්ඩුව කාලයේ කිසිම වැඩක් නොකරපු සජිත් පේ‍්‍රමදාස, හර්ෂ සිල්වා දැන් ජනතාව නොමග යවමින් මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කරන බවත් ඒ අය ඒ කාලයේ කරපු ජනතා සේවය මොකක්ද කියලා අහන්න සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයට ආ බවත් පැවසූ අතර, නිවාස කීයක් හැදුවාද? විදුලි බලාගාර හැදුවාද? 130 ට තිබුණු ඩොලරය 200 ට යැව්වේ කොහොමද? පසුගිය කාලයේ කිසිම වැඩක් නොකර රට වළපල්ලට යවපු සජිත්ලා දැන් බොරුවට කෑ ගහනවා” යැයිද කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment