පොහොර අර්බුධයෙන් සහල් මිල ඉහළට

530

ඉදිරි දෙසතිය තුළ අනිවාර්යෙන්ම සෑම සහල් කිලෝවක් සඳහාම රුපියල් 25 ත් 50 ත් අතර මිලකින් ඉහළ යෑමට නියමිත බව ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික‍්‍රම මහතා පැවසීය.

මෙම තත්ත්වය පාලනය කිරීමට රජය වහාම සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කළ යුතු බවත් සුරාජ් ජයවික‍්‍රම මහතා කියා සිටියේය.
වර්තමානයේ පවතින පොහොර අර්බුදය හමුවේ ඉදිරි මහ කන්නයේ වී තොග වෙළඳපොළට පැමිණීම් 50% කින් පහළ බසින බවත් මෙම තත්ත්වය මත රට තුළ සහල් හිඟයක් පැන නගින බවත් මේ තත්වය මත ඉදිරියේ දී සෑම සහල් කිලෝවක්ම පාරිභෝගිකයාට දරාගගත නොහැකි අන්දමින් ඉහළ යනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය

advertistmentadvertistment
advertistmentadvertistment