පොහොර ආනයනයට නියෝග දෙන්නේ ජනාධිපතිද, මුදල් ඇමැතිද, ආනයන අපනයන පාලකවරයාද… වෛද්‍ය වසන්ත බණ්ඩාර

450

රසායනික හෝ කාබනික පොහොර ආනයනය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ ජනාධිපතිතුමාගේ නියෝගයද, මුදල් ඇමැතිවරයාගේ නියෝගය ද එසේත් නොමැති නම් ආනයන අපනයන පාලකවරයාගේ නියෝගය ද යන්න පිළිබඳව ගැටලූවක් තිබෙන බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට අදහස් දක්වමින් පැවසීය.

 දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ‍්‍රී ලංකාව පත්කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය නිසා ජනාධිපතිවරයා විසින් ඊට පෙර රසායනික පොහොර තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීමට සිදුවීම නිසාත්, මුදල් ඇමැතිවරයා විසින් රසායනික පොහොර වර්ග 4 ක් ආනයනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කරන බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සහ ආනයන අපනයන පාලකවරිය විසින් රසායනික පොහොර ආනයනයට කිසිසේත්ම ඉඩ නොදෙන බවට මාධ්‍යට කර ඇති ප‍්‍රකාශය නිසා රේගුව ඇතුළු ආයතනවල නිලධාරීන්ට මෙම ගැටලූ සහගත තත්ත්වය ඇති වී ඇති බවත් ඒ මහතා පැවසීය.

 කාර්යසාධක බළකායට නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ කාබනික පොහොර ආනයනය කිරීමට ඉඩ දෙන බව සඳහන් කර ඇති බවත් සඳහන් කළ වෛi වසන්ත බණ්ඩාර මහතා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවේදී කාබනික පොහොර ආනයනය කිරීම සඳහා කූට උපක‍්‍රමයක් ක‍්‍රියාත්මක වනවා ද යන්න පිළිබඳව සැක මතුවන බවයි.

 විදේශීය කාබනික පොහොර ව්‍යාජ ඒවා වීමත්, කාබනික පොහොර ආනයනය සඳහා රසායනික පොහොර ආනයනයට වඩා මිලක් ගෙවීමට සිදුවීමත් එම පොහොරවලට විවිධ මළ ද්‍රව්‍ය එක්කර තිබීමත්, එම ක‍්‍රියාවලිය තුළ පොහොර සහනාධාරය කොල්ලකෑමට අවස්ථාව උදාවීම සහ විදේශීය කාබනික පොහොර යෙදීම නිසා රෝග කාරක ක්‍ෂුද්‍ර ජීවීන් අපගේ පසට එකතුවීමෙන් විහාල පාරිසරික හානියක් සිදුවීමට ඉඩ තිබෙන නිසාත් ජාතික සංවිධාන එකමුතුව කාබනික පොහොර ආනයනයට තදබල ලෙස විරුද්ධ වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment