පොහොර ඉල්ලා නුදුන්නැයි  ගොවි සංගමේ සභාපතිට ගහලා

89

මාවනැල්ල අම්බුලුගල වීර පැරකුම් ගොවි සංගමයේ සභාපති පී. විජේරත්න බණ්ඩා මහතාට පසුගිය 24 වන දින සවස 6.00ට පමණ පොහොර ඉල්ලා පැමිණි අයෙකු විසින් පහර දී තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව මාවනැල්ල පොලිසිය පැවසිය.

ගොවි සභාපති පවසන අන්දමට 23 වන දින උදේ 9.00 සි ට සවස 05 වන තුරු පැමිණි සියලු දෙනාටම පොහොර වර්ග තුනක් බෙදා දුන්නා. සවස 6.00ට පමණ අයෙක් පැමිණ මගෙන් පොහොර ඉල්ලුවා. මම කිව්වා දැන් කඩේ වහලා තියෙන්නේ හෙට උදේම එන්න පොහොර ටික දෙන්නයි කියා. නමුත් ඔහු එයට එකඟ නොවී මට පහර දුන්නා. මම මාවනැල්ල පොලීසියට ගොස් පැමණිල්ලක් දැම්මා. ඉන් පසු මාව කෑගල්ල රෝහලට ඇතුළත් වුණා. මේ සම්බන්ධව මාවනැල්ල පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය පරීක්ෂණ පවත්වයි.

කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment