පොහොර ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

79

අගමැති රනිල් ඉදිරිපිට ගිවිසුමට අත්සන් තබති

ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ඉන්දීය රජය එකඟතාව පළකර ඇත.

මේ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබීම ඊයේ (10දා) සිදුවිය. මේ අනුව ඉන්දියාවේ එක්සිම් බැංකුවේ නියෝජිතයන් සමග මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අත්සන් තැබීය.

යල කන්නයේ ක්‍ෂණික යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙටි්‍රක් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටි අතර මෙසේ ඒ සඳහා ඉන්දීය රජයේ එකඟතාව පළ වී ඇත.

මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට මුදල් ඇමැති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ද එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment