පොහොර ගන්න ගොවීන්ටත් QR ඛේතයක්

286


2023 මහ කන්නයේ දී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පුද්ගලික අංශයට බාර දීමට තීරණය කර ඇත. ඒ අනුව ‍ ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට මූල්‍යමය සහනාධාරයක් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයිග

ඒ සඳහාQR ඛේතයක් සෑම ගොවියෙකුටම ලබාදේ. ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් එමගින් ලබා ගැනීමට හැකිවේ.

2022/23 යල කන්නයේ දී යුරියා පොහොර හා බන්ඩි ‍ පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් වැය කර තිබේ. මෙවර යල කන්නයේ දී මඩපොහොර බෙදාහැරීම සඳහා ද රුපියල් බිලියන 02ක් වැය කිරීමට සිදුව ඇත.

මෙම මුදල් ගොවි ජනතාවට සහනාධාරයක් වශයෙන් ලබා දීම මගින් ඔවුනට අවශ්‍ය දේවල් මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම එම වැඩ පිළිවෙළෙහි අරමුණ බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment