පොහොර ගන්න ණය ගිවිසුමට අත්සන් කරයි

212


යළ කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මුදලක් ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් ලබාගැනීමේ ගිවිසුමට අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අත්සන් තැබීය.ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් එම් සිරිවර්ධන සහ ඉන්දීය එක්සිම් බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් නරේන්ද්‍ර වෙඩ් යන මහත්වරු අත්සන් තැබූහ.මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුද එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment