පොහොර ගැසට්ටුව රිවස් කර ගනී – රසායනික පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවසර

268

රසායනික පොහොර තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කළ රජය යළි රසායනික පොහොර, වල් නාශක, කෘමි නාශක ආනයනය ස`දහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමට ඊයේ (24 වැනිද) තීරණය කරනු ලැබීය.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ස`දහන් පරිදි හරිත කෘෂිකර්මාන්තයක් ස`දහා වූ රජයේ වැඩපිළිවෙළට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවකට අනුව ඉකුත් අපේ‍්‍රල් මස 26 වැනිදා මෙරට තුළ රසායනික පොහොර තහනම් කරමින් අදාළ ගැසට් නිවේදනය නිතුක් කෙරිණි.

මේ අන්දමට රසායනික පොහොර තහනම ඉවත් කිරීමට කටයුතු කළද හරිත කෘෂිකර්මාන්තයක් ස`දහා වූ රජයේ ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොවන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. ඒ අනුව පොහොර සහනාධාරය, වෙළෙඳ පොළ නිර්මාණය කරදීම, සහතික මිල, බීජ ලබාදීම ආදී වශයෙන් වූ සියලූ පහසුකම් කාබනික පොහොර යොදා කෙරෙන කෘෂි වගාවන් ස`දහා පමණක් ලබාදීමට රජය මින් ඉදිරියට කි‍්‍රයා කරන බවද ඇමැතිවරයා ස`දහන් කළේය.

හරිත ශී‍්‍ර ලංකාවක් වෙනුවෙන් රජය නිවැරදි දැඩි තීන්දුවක් ගනු ලැබුවේ එල්ල වන අභියෝග සහ දුෂ්කරතා පිළිබ`ද මනා වැටහීමක් ඇතිව බව කී ඇමැතිවරයා, කාබනික පොහොර නිෂ්පාදනය කර මෙරට තුළ වගා කිරීමට නොහැකි යැයි පැවසීම මිථ්‍යාවක් බවද කියා සිටියේය. එහෙත් හරිත කෘෂිකර්මාන්තයක් ස`දහා වූ රජයේ සංකල්පය යථාර්ථයක් කර ගැනීමට රජයේ ඇතැම් පාර්ශ්ව වෙතින් පවා අවශ්‍ය සහයෝගය නොලැබුණු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

හරිත කෘෂිකර්මාන්තයක් ස`දහා වූ සංකල්පයට අනුව රසායනික පොහොර තහනම් කිරීමට පියවර ගැනීමෙන් අනතුරුව ඇතැම් ගොවීන් අතරින් දැඩි විරෝධතාවක් එයට එල්ල වූ බව පැවසූ මහින්දානන්ද අලූත්ගමගේ මහතා එහෙයින් ජනතා හ`ඩට සවන් දෙන සංවේදී රජයක් ලෙස පොහොර තහනම ඉවත් කිරීමට කි‍්‍රයා කළ බවද කීය.

කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා ඊයේ (24 වැනිදා) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

රසායනික පොහොර තහනම ඉවත් කරමින් අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමේ තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් ස`දුදා (22 වැනිදා) පැවති සාකච්ඡාවේදීය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment