පොහොර දුර්ඝන්දය මහියංගන ප්‍රා.සභාව අවුල් කරයි

155

මහියංගන ප්‍රාදේශීය සභාවේ වසරේ අවසන් සභාවාරය අද (29) දින උදැසන ආරම්භ වු අතරල ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුදත් බලගල්ල මහතා විසින් රැගෙන ආ දියර පොහොර කෑන් එකක් සභාව ගර්භය තුළ , සභාපති ඉදිරියේ හැලීම හේතුවෙන් පැතිර ගිය අධික දුර්ඝන්දය හේතුවෙන් සභාව උණුසුම් වී ඇත.

සභාව විනාඩි 05කට කල් තබා සභා ගර්බය තුල හලන ලද දියර පොහොර ද්‍රාවණය පිරිසිදු කිරිම් කරල සුවද විළවුන් ඉස යලි සභාවාරය ආරම්භ කලද පහව නොගිය අධික දුර්ඝන්දය හේතුවෙන් මන්ත්‍රිවරුන්ගේ විරෝධය හමුවේ සභාව පසු දින දක්වා හෙට (30) කල් තැබීමට සභාපති කේ .පී ගුණවර්ධන මහතා කටයුතු කලේය.

advertistmentadvertistment
advertistmentadvertistment