පොහොර නැතිව ගොයම කහවෙලා ගිය පාර අස්වැන්නෙන් භාගයක්වත් මෙවර ලැබෙන එකක් නෑ… සාධාරණ වන්දියක් දෙන්න

121

පොළොන්නරුවේ ගොවි සංවිධාන ඇමැති මහින්දානන්දගෙන් ඉල්ලයි

කෘෂිකර්ම ඇමැතිවරයා ගොවි ජනතාවගේ ප‍්‍රශ්න සමඟ සෙල්ලම් කරමින් සිටින බවත්, බොරු පුරසාරම් නොදොඩා ගොවියා මෙවර පාඩු ලබන වී අස්වැන්නට නිසි සාධාරණ වන්දි ගෙවන්නැයි ඉල්ලා සිටින බව ගොවි නායකයෝ පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

එහිදී අදහස් දැක්වූ පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය මහ ගොවි ජනපද ව්‍යාපාරයට අයත් අලූත්වැව නැෙඟනහිර ගොවි සංවිධානයේ සභාපති පී. කේ. ඞී. විජේරත්න මහතා –

‘‘මහ පොළොවට අහිතකර විෂකාරක චීන පොහොර නැවට වන්දි ගෙවන්න ආණ්ඩුව සූදානම් වෙලා ඉන්නවා. මේ වන්දි

ගෙවන්නේ මේ රටේ මහජනතාවගේ සල්ලි. කෘෂිකර්ම ඇමතිවරයා මේ සෙල්ලම් කරන්නේ මේ රටේ ගොවි ජනතාවගේ ප‍්‍රශ්නත් එක්ක. පොහොර නැතිව නයිට‍්‍රජන් නැතිව දැන් ගොයම් ගහ කහපාට වෙලා. මේ ගොයම් ගහෙන් අපි කලින් ගත්ත අස්වැන්න ගන්න බෑ. ඒක ඉතාම පැහැදිලියි. ඒ නිසා අපි කෘෂිකර්ම ඇමැතිවරයාට කියනවා බොරු පුරසාරම් නොදොඩා ගොවියා වී ගොවිතැනින් ඒ ලබන පාඩුව වෙනුවෙන් මේ ගොවීන්ට හෙට දවසේ නිසි සාධාරණ වන්දි දෙන්න ලෑස්ති වෙන්න ඕන. ඒ වන්දි ලබා ගැනීම සඳහා සියලූ ගොවි සංවිධාන, සියලූ ගොවි ජනතාව එක මිටකට, එක තැනකට අපි ඒකරාශී කරනවා. වන්දි ගෙවන්නේ නැත්නම් උඹල ගාවට අපි එනවා. ගොවි ජනතාව සමඟ එදාට උඹලගේ මන්දිර වටලනවා.’’

මහවැලි සී. කලාපයේ ව්‍යාපාර කමිටු සාමාජික සහ සඳුන්පුර ගොවි සංවිධානයේ සභාපති ජයන්ත රන්දෙණිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

‘‘අපේ මහවැලි කලාපවල ගොවීන් වෙනත් කන්නවලදී හෙක්ටයාර් එකකින් වී කිලෝ 4,500 ක් 5000 ක් ගත්තා. නමුත් මේ වතාවේ ඒ ප‍්‍රමාණයෙන් හරි අඩක්වත් ගන්න ලැබේවිද කියලා අපිට සැකයි. ඒකට හේතුව මේ පොහාර නැතිකම. ගොයම් ගසට අවශ්‍ය පෝෂ්‍ය නොලැබීම.

ආණ්ඩුව රසායනික පොහොර ගෙන්වීම පෞද්ගලික අංශයට ලබා දුන්නා. එදා රු. 1500 ට තිබුණු පොහොර මිටිය අද 25,000 ට 30,000 ට විකුණනවා. පොහොර, කෘමිනාශක, කෘෂි රසායන අද ජාවාරමක් කරගෙන. ගොවියා වී

ගොවිතැනින් ඈත්කරවන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව ඉතාම පැහැදිලියි.

ඇල්ල ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති උපාලි කුමාරතුංඟ මහතාද මෙහිදී අදහස් දැක්වීය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment