පොහොර නැතිව ජලය එපා – ඇළහැර ගොවියෝත් පාරට බසිති

94

මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාර ගොවීන් එකමුතුව විසින් ඊයේ(13) බකමූණ නගරයේ දී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කෙරිණි.

පොහොර නැතිව  ජලය එපා - ඇළහැර ගොවියෝත් පාරට බසිති

බකමූණ – දඹුල්ල ප‍්‍රධාන වටරවුම අසලින් මෙම විරෝධතාව ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු සහ මිනී පෙට්ටි රැුගෙන යමින් මෙලෙස විරෝධතාවය පැවැත්වූහ.

මෙහිදී ගොවීන් විරෝධය පාමින් පාගමනින් ගොස් මොරගහකන්ද නේවාසික කළමනාකරණ ව්‍යාපාර කාර්යාලයට තම ගැටලූව සම්බන්ධයෙන් සන්දේශයක් ද භාරදෙනු ලැබීය.

ඇළහැර ගොවි ව්‍යාපාරය ගොවි සංවිධාන හතළිහකට අයත් ගොවීන් පන්සියයකට වැඩි පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර පැය තුනකට වැඩි කාලයක් විරෝධතාව පැවැත්විණි.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල, ඇළහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment