පොහොර නැවට විශේෂ නිලධාරියෙක්

164

2021 වසරේ දී මෙරටට ආනයනය කළ චීන කාබනික පොහොර නැව හා ඊට ශ්‍රී ලංකා රජය විසින් ගෙවා ඇති ඩොලර් මිලියන 6.7ක මුදල සම්බන්ධව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳුමක් ලබා දීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් විදේශ අමාත්‍යාංශයේ විශේෂ නිලධාරියකු පත්කර ඇත.

එම නිලධාරියාට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

චීන කාබනික පොහොර නැව සම්බන්ධව වන ගැටලුව ශ්‍රී ලංකාව හා චීන රජය අතර දීර්ඝකාලීන මිත්‍ර සම්බන්ධතාවලට හානියක් නොවන අයුරින් විසඳා ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයාගෙන් සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමට අනුව පැවැති සාකච්ඡාවකදී මෙම පත්වීම සිදුකර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවක දී මේ සම්බන්ධව ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයාගේ හා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව අදාළ සියලු පාර්ශ්ව කැඳවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, ජාතික පොහොර ලේකම් කාර්යාලය, රාජ්‍ය පොහොර සමාගම් දෙක සහ අමාත්‍යාංශයේ නීති අංශයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment