පොහොර නැව හරවා යවන්න… කෘෂි වෘත්තීය සමිති එකමුතුවෙන් රජයට කරුණු 5ක ලිපියක්

203

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර නැව යළි ආපසු හරවා යවන ලෙස සහ කෘෂි තාක්ෂණය පිළිබඳ දැනුමක් නැති පුද්ලගලයින් කෘෂිකර්මාන්තයට සම්බන්ධ කර නොගන්නා ලෙස ඇතුළු කරුණු පහක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම වෘත්තීය සමිති 09 කින් සමන්විත වෘත්තීය සමිති එකමුතුව කෘෂිකර්ම ඇමැතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇත.

මෙම කරුණු පහ ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යොමුවන බව ද එම වෘත්තීය සමිති එකමුතුව පවසයි. ජාතික ශාක නිරෝධායනය සේවයේ නිලධාරීන් මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා තම රාජකාරිය අකුරට ඉටුකරද්දී ඔවුන්ට එරෙහිව කටයුතු කිරීම වළක්වාලීමටද මෙම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

කාබනික වගා වැඩසටහන හා ඒ පිළිබඳව රජයේ ප‍්‍රතිපත්ති කෘෂි දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් හා විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සමාලෝචනය කර නැවත සළකා බලන ලෙස ද එම එකමුතුව කෘෂිකර්ම ඇමැතිවරයාට දැනුම් දී තිබේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment