පොහොර නෑ – අස්වැන්න බාලවෙලා – දේශීය අල කිලෝවට  රු. 300ක් ඕනෑ

166

අර්තාපල් ගොවීහු මැදවෙල දී උද්ඝෝෂණ

යල කන්නයට කුඹුරුවල වගාකර ඇති අර්තාපල් කිලෝවට අවම වශයෙන් රු. 300 කවත් ස්ථාවර මිලක් නියම කරන ලෙසට රජයට බලකරමින් ඌවපරණගම, මැදවෙල අර්තාපල් ගොවීන් මැදවෙල වෙල්යායේදී ඉකුත් 29 දා දහවල් උද්ඝෝෂණයක නියැළිණි.

මෙම උද්ඝෝෂණය වැලිමඩ, ඌවපරණගම ගොවිජන එකමුතුව විසින් සංවිධානය කර තිබුණි. වර්තමානයේ බීජ අර්තාපල් කිලෝ 50 ක් වගා කිරීමට රු. අසූදහසක් වැය වෙනවා. රසායන පොහොර නිසි ප්‍රමාණයට නැති නිසා අස්වැන්න බාලවෙලා. වගාවෙන් ලැබෙන ආදායම අවිනිශ්චිත නිසා අල කිලෝවට රු. 300 ක් වත් දිය යුතු බවට තීරණය කර එකී මුදල ලබාදෙන ලෙසට රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව වැලිමඩ ඌවපරණගම ගොවිජන එකමුතුවේ සභාපති ඩබ්ලිව්. එම්. ගුණවර්ධන මහතා පැවසීය.

බොරලන්ද – සමන්ත කුමාර
 

advertistmentadvertistment
advertistmentadvertistment