පොහොර නෑ: තේ කර්මාන්තය අනතුරේ – කාබනික පොහොරවලට යෑමට තව කාලයක් ගත වෙයි

295

* ශ‍්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ

තේ වගාවට අවශ්‍ය පොහොර නොලැබුණහොත් ලබන මස අවසානය වනවිට ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය කඩා වැටීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ගාල්ල තල්ගම්පල තේ කම්හල් ව්‍යාපාරයේ හිමිකරු ශ‍්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ හරිත් රණසිංහ මහතා පවසයි.

ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ඒ මහතා මෙසේ ද පැවසීය.

”පසුගිය කාලයේ වැස්ස තිබුණ නිසා ගුණාත්මක බවින් අඩු වුණත් සාමාන්‍ය ප‍්‍රමාණයට දලූ තිබුණා. නමුත් මේ වනවිට තේවලට පොහොර යෙදීමේ කාලය ඇවිල්ලා. අන්තර් මෝසම් වැස්ස සමග පොහොර යෙදිය යුතුයි. ඒත් පොහොර නැහැ. මේ නිසා කුඩා තේ ඉඩම් හිමියන් තම ඉඩම් ආරක්ෂා කර ගැනීමට විවිධ පොහොර වර්ග යොදල අත්හදා බලනවා.

දැන් පොහොර නොමැතිකමේ ප‍්‍රතිඵල දැනෙන්න පටන් අරගෙන. දලූවල ගුණාත්මක බව දිනෙන් දින පිරිහෙමින් පවතිනවා. තේ පැළ කහපාට වෙලා. දලූ කඩන්න බැහැ. නටුව හයියයි. ඒ වගේම දලූවල බර අඩුවෙලා. මේ නිසා නිෂ්පාදනය කරන තේ ප‍්‍රමාණයත් අඩුවෙලා. කොරෝනා තත්ත්වය යටතේත් පවත්වාගෙන ගිය තේ කර්මාන්තයට කඩිනම් විසඳුම් ලබා නොදුන්නොත් සෘජුවම කුඩා තේ ඉඩම් හිමියන් පන් ලක්ෂයකගේත්, වක‍්‍රව මිලියන දෙකක ජනතාවගේත් ආදායම් අහිමි වෙනවා.

එයට අමතරව තේ කම්හල් හිමියන්ද විශාල අපහසුවට පත්ව සිටිනවා. දලූ හිමියන් ණය ලබා ගන්නේ බැංකුවලින් නොව කම්හල්වලිනුයි. තේ වගාව කාබනික පොහොරවලට යනවා නම් අවුරුදු කිහිපයක් යා හැකියි. එවිට දලූ කිලෝව අඩුම වශයෙන් රුපියල් දෙසිය පනහක්වත් විය යුතුයි. තේ ගසේ ප‍්‍රධාන සංඝටකය වන නයිට්ට‍්‍රජන් කාබනික පොහොරවලින් ලබා ගන්න විශාල වියදමක් හා කාලයක් යනවා. පැළ තවාන් කරපු අයත් පොහොර නැතිව බලා ඉන්නවා. තේ කියන්නේ හැමදාම දලූ කඩන වාණිජ බෝගයක්. එනිසා එය රැුක ගත යුතුයි.

අහංගම – සුගතපාල දීයගහගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment