පොහොර පාඩුව කෝටි 5 පනී: විගණනයෙන් හෙළිවෙයි

234

ලංකා පොහොර සමාගම විසින් සහනාධාර පොහොර තොග නිසි කළමනාකරණයෙන් යුතුව බෙදාහැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් රජයට රුපියල් පන්කෝටි තිස්අටලක්‍ෂ දාහතරදහස් හයසියයක පාඩුවක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ලංකා පොහොර සමාගම සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.

2019 වර්ෂයේ රුපියල් හාරකෝටි විසිඅටලක්‍ෂ අටදහස් දෙසියක් (40,288,200) ක් පමණ වටිනා පොහොර මෙටි්‍රක් ටොන් 671.47ක් සහ 2020 වර්ෂය තුළ රුපියල් එක්කෝටි තිස්පන් ලක්‍ෂ විසිහයදහස් හාරසියයක් වටිනා(13,526,400) සහනාධාර පොහොර මෙටි්‍රක් ටොන් 22,544ක් ගොවීන් වෙත බෙදාහැරීමට නොහැකි ලෙස හානියට පත්වීම හේතුවෙන් රජයට මෙකී අලාභය වී ඇති බැව් විගණනය මගින් අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment