පොහොර පොහොර…. චීන පොහොර තෙවැනි ඇසින් බලයි

556

චීන කාබනික පොහොර සම්බන්ධයෙන් මතු වූ තාක්‍ෂණික ගැටලූව විසඳා ප‍්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කෙරෙන පොහොර පිළිබඳව තුන්වන පාර්ශ්වයක පරීක්‍ෂාවකින් පසු තීරණයක් ගන්නා බවට ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකදී එක`ගතාවයකට පැමිණ ඇත.

රාජ්‍ය ඇමැතිවරයා එම කාබනික පොහොර භාර ගැනීමට හැකියාවක් නොමැති බවට කරුණු පැහැදිලි කරදීමෙන් පසු එය පිළිගත් චීන තානාපතිවරයා තාක්‍ෂණික ගැටලූව විසඳා ඊට අනුකූලව පොහොර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද රාජ්‍ය ඇමැති ශෂෙන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය.

නැවත නිෂ්පාදනය කෙරෙන එම කාබනික පොහොර කලින් පරීක්‍ෂාවට භාජනය නොකළ වෙනත් තුන්වන පාර්ශ්වයක් මගින් පරීක්‍ෂා කර තීරණයක් ගැනීමට මෙහිදී සාකච්ඡා වූ බව හෙතෙම සඳහන් කළේය.

චීන තානාපති කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡුාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා අමාත්‍යාංශයේ නීති නිලධාරීනිය සහභාගී වූහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment