පොහොර ලේකම් කාර්යාලයේ තවත් සිව් දෙනකු අත්අඩංගුවට ගන්න හදයි

407


ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සිදුවු බව කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් තවත් නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තාවේ.සිද්ධිය සම්බන්ධයෙන් දැනට එහි නිලධාරීන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2018 සහ 2019 වසරවලදී යූරියා ඇතුළු පොහොර වර්ග තුනක් මෙරටට ආනයනය කිරීමේදී ව්‍යාජ රාසායනික වාර්තා සහ කූඨ ලේඛන සකස් කර සිදුකර ඇති එම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment