පොහොර වගේම සහල් මාෆියාවත් පරාජය කරමු

165

අපේ රටේ පසට රසායනික පොහොර එක්කිරීම නිසා එහි ජීවී ගුණයට බලවත් හානියක් සිදුව ඇති බව අවිවාදිතය. එනිසාම මැරුණු පසට යළි ජීවය ලබා දීමට නම් අප අනිවාර්යයෙන්ම අපේ රටේ ගොවි බිම් කාබනික පොහොර වගාවට හුරු කළ යුතුමය. සරු අස්වැන්නක් ලබා ගැනීමට යැයි පවසමින් පසට රසායනික පොහොර යෙදවීමේ අනිසි ඵල විපාක මේ මොහොතේ අපි අත්විඳිමින් සිටින්නෙමු. උතුරුමැද පළාතේ වකුගඩු රෝගයට බිලිවන ජීවිත දිනෙන් දින වැඩිවන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එනිසාම කොයි තරම් අභියෝග තිබුණත් අපේ රටේ ගොවිතැන කාබනික පොහොරවලින් පමණක් සිදුකිරීමට රජය ගෙන ඇති ඓතිහාසික තීන්දුව වැරදි යැයි කාට හෝ කිව නොහැක.

එහෙත් මේ මොහොතේදී විපක්‍ෂය නගන ප‍්‍රධාන චෝදනාව වන්නේ පොහොර නොමැතිව ගොවියා අමාරුවේ වැටී ඇති බවකි. ඉදිරියේදී සාගින්නක් ඇති විය හැකි බවට මේ පිළිබඳව හඬ නගන පාර්ශ්ව පෙන්වාදෙති. මෙම කතාව අයහපත් යැයි අප කියන්නේ නැත. දැනට ගොවිතැනට ප‍්‍රමාණවත් තරම් කාබනික පොහොර නොමැති නිසා රසායනික පොහොර ප‍්‍රමාණවත්ව ගොවීන්ට ලබාදිය යුතුව ඇත. එහෙත් ප‍්‍රශ්නය මතුවන්නේ මේ තුළ කි‍්‍රයාත්මක වන වෙළෙඳ මාෆියාව පවත්නා ප‍්‍රශ්නය අවුල් ජාලාවක් බවට පත් කිරීමයි. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පෙන්වා දෙන්නේ මෙවර යල කන්නයට ප‍්‍රමාණවත් රසායනික පොහොර රට තුළ පවතින බවයි. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මහ කන්නය වන විට ගොවිතැනට කාබනික පොහොර ප‍්‍රමාණවත්ව අනිවාර්යයෙන්ම ලබාදෙන බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී.

තත්ත්වය එසේ තිබියදී රට පුරා පොහොර ඉල්ලා ගොවීන් උද්ඝෝෂණය කිරීම පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුය. මේ මොහොතේ රට තුළ පොහොර හිඟයක් මවාපෑම පිටුපස සිටින්නේ වෙළෙඳ මාෆියාව බව ඉතාමත් පැහැදිලිය. මේ පිළිබඳව මුලින්ම මහින්දානන්ද ඇමැතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කර තිබිණි. එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙරටට පොහොර ගෙන්වන ප‍්‍රධාන සමාගම් තුනක් විසින් පොහොර මෙටි‍්‍රක් ටොන් …………. වෙළෙඳපොළට මුදාහැර නොමැතිව ගබඩා කර තිබෙන බවයි. මේ අතර පෙරේදා (14 දා) පෑලියගොඩ හා කැලණිය ප‍්‍රදේශයේ පොහොර ගබඩා කීපයකටම කඩා පනින ඇමැතිවරයා ප‍්‍රමුඛ පිරිසක් එහි නිරීක්‍ෂණ කටයුතුවල නිරත වීමේදී තවත් තොරතුරු රැුසක් අනාවරණය කරගෙන තිබිණි. මෙසේ නිරීක්‍ෂණයට ලක්වූ පොහොර ගබඩාවකින් දිනකට පොහොර මෙටි‍්‍රක් ටොන් 600ක් නිකුත් කළ යුතුව තිබුණ ද දිනකට මුදාහැර තිබුණේ පොහොර මෙටි‍්‍රක් ටොන් 30ක් පමණි. දින තුනක් ඇතුළත පොහොර බෙදාහැරීමේ කි‍්‍රයාවලිය ඉක්මන් කරන ලෙස නියෝග කළ අමාත්‍යවරයා එසේ නොවුණහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කර තිබිණි. පොහොර වෙළෙඳ මාෆියාවෙන් රජයත් ගොවියාත් ගලවාගැනීමට මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා ගෙන යන සටන අප අගේ කළ යුතුය.

රටේ ඉදිරි ගමනට මෙන්ම ජනතාවගේ ජීවිත සම්බන්ධ ප‍්‍රශ්නයකදී රජය නිවැරැුදි තීන්දුවක් ගන්නේ නම් පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව ඊට සහය පළ කිරීම සැමගේ යුතුකම විය යුතුය. පොහොර ප‍්‍රශ්නය දේශපාලනීකරණය කර ඉන් පටු වාසි ලබාගැනීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එය අප කිසිසේත් අනුමත කරන්නේ නැත.

වෙළෙඳ මාෆියාවේ තවත් ප‍්‍රබල සාධකයක් වන්නේ සහල්ය. රජය මොන ගැසට්ටු ගැහැව්වත් තවමත් අපේ රටේ සහල් මිල තීරණය කරනු ලබන්නේ ප‍්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කීපදෙනකු විසිනි. රට තුළ ප‍්‍රමාණවත් වී තොග තිබියදී සහල් මිල ඉහළ යෑම අසාධාරණ යැයි කියන්නේ අප නොව මෙරට වෙළෙඳ ඇමැතිවරයා වන බන්ධුල ගුණවර්ධන මහතායි. ඔහු පවසන්නේ තමාත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද මහතාත් එක්ව සහල් මාෆියාව තුරන් කරන බවයි. එසේ නොවුණහොත් තමාත් මහින්දානන්ද අමාත්‍යවරයාත් ඇමැති ධුර අත්හරින බවද ඔහු මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබිණි. මේ පිළිබඳ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා මොකුත් ප‍්‍රකාශ කර නොමැති නිසා අපේ වෙළෙඳ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනුයේ පුළුවන් නම් ඇමැතිකමින් ඉල්ලා අස් නොවී (ඇමැතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ විහිළුවක් නොවේ යැයි අප තරයේ විශ්වාස කරමු) මේ සහල් මාෆියාව පරාජය කරන ලෙසයි. එසේ වුවහොත් ඔබට රටවටින්ම ගල් නොව මල් වැසි වැටෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment