පොහොර වරද තරාදියට

128

පාරිභෝගික අධිකාරියට එරෙහිව කොමර්ෂල් පොහොර නීති මගට

අනුරාධපුර ප්‍රදේශයේ අඩු බර යූරියා පොහොර මිටි හමුවූ බවට අසත්‍ය වාර්තා පළ කළ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කරමින් සිටී.

අනුරාධපුර පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අඩුබර යූරියා පොහොර සොයාගත් බවට වාර්තාවීමත් සමඟ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත පොහොර සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් එම පොහොර මිටිවල බර කිරීමේදී එහි තිබූ මිටි 486 කින් 479 ක නියමිත බර තිබූ බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පොහොර මිටි මැනීම සඳහා එල්ලන දුනු තරාදියක් භාවිතා කර ඇති බවත් එම තරාදියට බලපත්‍රයක් නොතිබූ ි බවට හෙළිවී ඇති අතර තරාදියේ වරදක් නිසා පොහොර අඩු බවට වාර්තාවී ඇති බව පෙරේරා මහතා පවසයි.

පාරිභෝගික අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොහොර මිටි 14 ක් මුද්‍රා තබා ඇති බවත් ඉන් පොහොර 486 කින් මිටි 479 ක් නියමිත කිලෝ 50 බරකින් යුක්ත බවත් හෙළිවී ඇත.

කොකු යෙදීමේදී වන පලුදුවීම් හේතුවෙන් පොහොර මිටි 07 ක ග්‍රෑම් 100, 200 වැනි සුළු අඩුවක් පෙන්නුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment