පොහොර සමාගම් වලටත් ආණ්ඩුව ණයයි

92


රජයට පොහොර සැපයීම වෙනුවෙන් පොහොර සැපයුම් සමාගම්වලට රජය රුපියල් කෝටි 17ක් ණය බවත් එම මුදල් ගෙවන ලෙස පොහොර සමාගම්වලින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් කර ඇත.
වසර කිහිපයක සිට පොහොර සමාගම්වලින් රසායනික පොහොර හා කාබනික පොහොර මිල දී ගැනීම නිසා මෙලෙස රුපියල් 17ක මුදලක් එම සමාගම්වලට රජය විසින් ගෙවිය යුතු බව අදාල පොහොර සමාගම් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දන්වා තිබේ.
මේ අනුව රසායනික පොහොර ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 11,000ක් සහ කාබනික පොහොර සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 6000ක් අදාල සමාගම්වලට ගෙවීමට සිදු ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment