පොහොර හිගයෙන් තණ බිමත් බැටකයි

184

රසායනික පොහොර තහනම, දියර කිරි නිෂ්පාදනය සඳහා ද බලපා ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පවසයි.

මහා පරිමාණ තෘණ භූමිවල එළදෙනුන්ට ආහාර සඳහා වගා කරන සෝගම් නමැති ශාකය ඉතා ඉක්මනින් වර්ධනයට යූරියා පොහොර අවශ්‍ය බව ඒ මහතා සඳහන් කරයි.

ආනයනික එළදෙනුන්ට ආහාර විශාල ලෙස ලබාදිය යුතු බවත් එහිදී ඔවුන්ට තණකොළ සහ සෝගම් ආහාර ලෙස ලබාදෙන බවත් පවසන ඒ මහතා මෙම ආහාර දිනපතා ලබාදීමට කපාගත් පසු ශාක නැවත ඉක්මන් වර්ධනය වීම සඳහා යූරියා පොහොර අවශ්‍ය බව ද පවසයි.

විශේෂයෙන්ම සෝගම් ශාකය සඳහා ගොම පොහොර යෙදිය නොහැකි බවත් ඒවා යෙදුවහොත් ගස් මිය යන බවත් සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment