පොළී මුදලාලි මරා රන් සහ ඔප්පු කොල්ල කාලා

222

කැලණිය වරාගොඩ පාරේ පිහිටි නිවසකට ඊයේ (27) රාත්‍රියේ කඩා වැදුණු කණ්ඩායමක් නිවෙස් හිමියාට පහරදී ඝාතනයකර රන් භාණ්ඩ සහ ඉඩම් ඔප්පු පහක් කොල්ලා කා පලාගොස් ඇත.

කැලණිය පොලීසිය සඳහන් කරනුයේ ඝාතනයට ලක්වූ පුද්ගලයා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක නිරතව සිටින 63 වන වියේ පසුවන්නෙකි.

කොල්ල කා ඇත්තේද උකසට ගත් ඔප්පු බැවින් මෙම ඝාතනය හා කොල්ලකෑ ඔප්පු අතර සම්බන්ධයක් ඇතැයි සැකකරන බව පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment