පොළෙඟෙකු දෂ්ට කිරීමෙන් දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාරගත් දරුවා මියයයි

345

පොළඟෙකු දෂ්ඨකිරීම නිසා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන ලද අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි ළමයෙකු පෙරේදා (19) මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගලබැද්ද කොලොන්වින්න මහගංගොඩ  පදිංචි ඩබ්ලිව්. එම්. අකේන් නමැති දරුවෙකි.

මෙම දරුවා නිවසට යාබද නිවසට ගොස් මිදුලේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටිය දී ජල නළයක් අසල සිටි පොළඟෙකු දරුවාගේ පාදයට දෂ්ඨකර ඇත.

අනතුරුව දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment