පොළෝ ගැබ කැණ; යුග යුග යා කළ ශිරාන් දැරණියගල… ආචාර්ය ශිරාන් දැරණියගල අභාවය නිමිත්තෙනි

1245

ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබ 1969 අනුරාධපුරයේ ඇතුළු නුවර ගෙඩිගේ කැනීමේ සිට විවිධ වූ ප‍්‍රාග්, ප්‍රොටෝ හා මූල ඓතිහාසික පර්යේෂණ දියත් කළ අතර ඒ සදහා දායකත්වය ලබා දුන්නේය. ඒ අතරතුර, 1988 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් සරසවියෙන් අචාර්ය උපාධිය ලබාගත්තේ එදා මෙදාතුර ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ආසියානු කලාපයෙන් බිහි වූ විශිෂ්ටතම ආචාර්ය උපාධි නිබන්දනයක් සේ සැලැකෙන Prehistory of Sri Lanka – an ecological perspective යන නිබන්ධය ඉදිරිපත් කරමිනි.

 විශ්ව ගම්මානය නම් සංකල්පය තුළ රැුෙ`දමින්ම නූතන ශ‍්‍රී ලාංකේය මානවයාට තම අනන්‍යතාව ප‍්‍රකට කිරීම ස`දහා දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික එළඹුම් මනා වූ පිටිබලයක් වී ඇති බව අවිවාදිත කරුණකි. වසර දසදහස් ගණනක් දුරු ඝණ පාංශු ස්ථරණයෙන් ආවරණය වී පවත්නා ප‍්‍රාග් ඓතිහාසික තත්ත්වයන් අනාවරණය කරගනු වස් වඩාත් සප‍්‍රමාණාත්මක අධ්‍යයන මෙහෙයවීම ද තුන්කල් විනිවිද දක්නා ප‍්‍රාඥයකුට හැර අනෙකෙකුට පහසු කටයුත්තක් නම් නොවේ. එවන් වූ දුෂ්කර කාර්යක් තම අසීමිත කැපවීමේ හා ශක්තියේ උපකාරයෙන් පූරණය කරන්නා වූ ආචාර්ය, සිරාන් උපේන්ද්‍ර දැරණියගලයන්ගේ වසර 40කට ආසන්න කාලයක් පුරා දිවයන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ශාස්ත‍්‍රීය අධ්‍යයන ප‍්‍රමාණ කිරීම ද අතිශයෙන්ම දුෂ්කර වූ කාර්යකි. මෙවැනි අධ්‍යයන ප‍්‍රමාණ කිරීම තුලණාත්මක විෂය ඥානයෙන් හෙබි පරිණත වියතුන් විසින් සිදුවිය යුතු යුතුකමකි. මෙවන් පසුබිමෙක වුවත් ආචාර්ය, දැරණියගලයන් ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ස`දහා සිදුකොට ඇති සම්ප‍්‍රදානය කුමක් දැයි හ`දුනා ගැනීමට ගත් සරළ උත්සහයකි මෙම අධ්‍යයනය. ඒ අනුව, දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන හා ඒ වටා ආචාර්ය, සිරාන් දැරණියගලයන්ගේ දායකත්වය පිළිබ`ද මූලික අදහස් කීපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ කෙරේ.

 ප‍්‍රාග් ඓතිහාසික ශ‍්‍රී ලංකාව :

 ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ ආරම්භය සම්භාව්‍ය පුරාවිද්‍යාවේ ආරම්භය හා සමකාලීන බව ඒ පිළිබඳව අවධානය යොමු කරන විට පෙනී යයි. ක‍්‍රිස්තු වර්ෂ 1885 දී පමණ ජෝන් පෝල් හා ඊ. ඊ. ග‍්‍රීන් ආදීන් විසින් මස්කෙළිය, නාවලපිටිය හා පේරාදෙණිය අවට ප‍්‍රදේශවල පොළොව මතුපිට සිදු කළ ශිලා මෙවලම්

 රැුස් කිරීමෙන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ ආරම්භය සිදුවී ඇත (Deraniyagala 1992:2-3). සමකාලීනව සැරසින් සොහොයුරන් විසින් යකුන්ගේ හෙළ හා ගංගොඩදෙණියේ ගල් ගුහාව කැණීමෙන් ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව සැකිල්ලක් පළමු වතාවට සොයාගත් බව පෙනේ. ඉන් අනතුරුව, කුතුහලය මෙන්ම අපරදිග රටවල වර්ධනය වන්නා වූ භූවිද්‍යාත්මක හා ප‍්‍රාග් ඓතිහාසික කරුණු මුල්කොට ගෙන පාර්සන්ස්, හාට්ලි, ගාඩිනර්, ලූවිස් හා වේලන්ඞ් ආදීන් විසින් ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ දියත් කළ අතර ඔවුන්ගේ අධ්‍යයන සඳහා මධ්‍යම කඳුකර උස්බිම් මෙන්ම තෙත් කලාපීය පහත් බිම් පමණක් නොව වෙරළබඩ කලාපය ද ඉලක්ක විය. මානවවංශ විද්‍යාත්මක වශයෙන් වැදගත් වන්නා වූ ප‍්‍රාථමික ජනකොටස් වශයෙන් වැද්දන් හා ඔවුන් හා බැ`දි විවිධ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් හෙන්රි පාකර් හා සෙලිග්මාන්වරුන්ගේ අවධානය (Parker 1909″ Seligman 1911) යොමු වෙයි.

 1940 දී පමණ එවකට ශ‍්‍රී ලංකා කෞතුකාගාරයේ අධ්‍යක්ෂක වූ සත්ත්ව විද්‍යාඥ පී.ඊ.පී. දැරණියගල රත්නපුර මැණික් පතල් තුළින් ලැබුණු පොසිල සාධක පදනම් කොට ගෙන තම පුරාවිද්‍යාත්මක අධ්‍යයන ආරම්භ කිරීම දේශීය ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නව නැම්මක් ඇති කිරීමට හේතු විය. ශ‍්‍රී ලංකාවේ භෞතික මෙන්ම අභෞතික පරිසරය පිළිබඳව ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ පුරෝගාමීන්

 අතර ඉදිරියෙන්ම සිටි තැනැත්තා ඔහු වූ අතර ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ මෙහෙය වීම සඳහා සෑම අතින්ම එකළ සිටි සුදුස්සා ද ඔහු විය. රත්නපුර, පැල්මඬුල්ල ආදී ප‍්‍රදේශවලින් ලැබුණු සත්ත්ව පොසිල පරීක්ෂා කළ මොහුගේ විශේෂ අවධානය ප්ලයිස්ටෝසීන අවධිය වෙත (Deraniyagala” P’ 1958) යොමුවිය.

 සබරගමුවේ ශ‍්‍රී පාද කඳු ආදී ප‍්‍රදේශයන්හී තම අධ්‍යයන දියත් කළ පී. ඊ. පී. දැරණියගල බොහෝ ස්ථානවල ඇවිදිමින්, කැනීම් කරමින් තම අධ්‍යයන කටයුතු 1960 දශකය දක්වා විද්‍යාත්මක පදනමක් මත ව්‍යාප්ත කිරීමට උත්සාහ කළ බව පෙනේ. දිවයිනේ ව`ද වී ගිය සත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමු කළ මොහු ඉන්දීය නර්මදා, ගෝධාවරී සත්ත්ව හා ශාක සංගති සමඟ දේශීය සත්ත්ව හා ශාක සංගති දක්වන සබඳතාව පිළිබඳව ද සංසන්දනාත්මක අධ්‍යයන දියත් කරමින් ඒවා අතර පවත්නා සමානතාව පෙන්වා දීමට සමත් විය. රත්නපුර ආශ‍්‍රිත මානව සාධක රත්නපුර සංස්කෘතිය (Ratnapura Cult) ලෙසින් පළමුව හඳුන්වා දුන් දැරණියගල පසුව එය රත්නපුර කර්මාන්තය(Ratnapura Industry)(Deraniyagala” S’ 1992:14)  යනුවෙන් නම් කළේ ය. දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ යටගියාවේ එක් එක් අවස්ථාවන් හි දී චාල්ස් හාට්ලී, ඊ. ජේ. වේලන්ඞ්, බි‍්‍රජඞ් ඕල්චින් ආදීන් විසින් විවිධ ශිලා මෙවලම් වර්ගීකරණ ඉදිරිපත් කිරීමට උත්සහ කිරීම (Deraniyagala” S’ 1992:2- 22) ද වැදගත් ය. 1960 දශකයේ අඟ භාගයේ දී පමණ තුලනාත්මක විෂය ඥානයෙන් හා සම කාලීන ජාත්‍යන්තර නව පුරාවිද්‍යාත්මක ප‍්‍රවණතාවන් කැටිකොට ගත් විධිමත් විදේශ පුහුණුවෙන් සන්නද්ධ වූ සිරාන් උපේන්ද්‍ර දැරණියගල දිවයිනට පැමිණ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ නවතම අයුරෙකින් ආරම්භ කිරීම දේශීය ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් හි වැදගත් සංධිස්ථානයකි. කේ. ඒ. ආර්. කෙනෙඩි, එෆ්. ආර්. ඕල්චින්, කේ. ඩි. බී. කොඞ්රින්ටන්, ඩබ්ලිව්. ජී. සෝල්හෙයිම් ආදීන් සමඟ මෙන්ම භාරතීය හා වෙනත් ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන් සමඟත් ඔහු සහයෝගිතාත්මක අධ්‍යයන වැඩසටහන් ඇරඹීම වැදැගත් කරුණකි. උක්ත දැක්වූ පරිදි හුදු පොළොව හෑරීමෙන් ඔබ්බට ගොස් උපන්‍යාස මුල්කොට ගත් පර්යේෂණ කැනීම් හා විශේෂයෙන්ම පාරිසරික සාධකයන් වෙත පූර්ණ අවධානයත්, ඓතිහාසික භූවිද්‍යාත්මක සාධකයන් හා සමාන්තර මානවවංශ විද්‍යාත්මක සාධකත් පදනම් කොට ගත් අධ්‍යයන දක්වා නූතන ලාංකේය ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ වර්ධනය වී පවතී. අධ්‍යයන ක්ෂේත‍්‍රය හුදු පරිපාලන ප‍්‍රදේශවලින් ඔබ්බට ගොස් විස්තෘත හා ආංශූක පාරිසරික කළාපයන් ලෙස ගෙන දේශීය ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන ක‍්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා වෙනත් පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන සමඟත් සහයෝගිතා පදනමක් මත සිටිමින් ලාංකේය ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ අද දවසේ ක‍්‍රියාත්මක වෙයි.

 ශ‍්‍රී ලංකාව් ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන හා අධ්‍යයන ඵලාගම :

 දිවයිනේ භේදයකින් තොරව සෑම තැනැකින්ම පාහේ ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව සාධක ලැබෙන අතර වෙරළබඩ කලාපයේ බූන්දල, පතිරාජවෙළ හෝ ඉරණමඩු ජලාශය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සිට කඳුකර උස්භූමියේ මහඑළිය (Hortain plain) දක්වා සෑම පාරිසරික කලාපයකම පාහේ මෙම සාධක විසිරී පවතී. අධ්‍යයන අනුව, මේ දක්වා ස්ථාන 108ක් (දැරණියගල 1991න් පසුව) පමණ වාර්ථා වී පවතී. ආචාර්ය, දැරණියගල දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන අවම වශයෙන් 100,000ක් වත් පවත්නා බව අදහස් කරයි (Adikari 2005:126). ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ අනුව, අදින් වසර 125,000 පමණ සිට ක‍්‍රි. පූ. 1,000 පමණ වන තෙක් කාලයක් පුරා පැතිර යන ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක රැුසෙකි. ඉරණමඩු පාංශු සංගතියේ සිදු කරන්නා වූ අධ්‍යයන අනුව දිවයිනේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබ`ද කතාව අදින් වසර 125,000 හෝ 500,000 පමණ දක්වා ගමන් කිරීමට හැකි බවට අදහස් ඉදිරිපත් වී ඇත. (දැරණියගල 1995:3). මේ දක්වා කෙරී ඇති අධ්‍යයන අනුව, පුරාශිලා යුගය පිළිබඳව අවම සාධක ලැබෙන නමුත් (මධ්‍යම පුරාශිලා යුගය පිළිබ`ද සීමිත සාධක ඉරණමඩු පාංශු සංගතියට අයත් බූන්දල, පතිරාජවෙළ හා වැල්ලේගංගොඩ යන ස්ථානයන්ගේ කැනීම් සාධක තුළින් අණාවරණය වී පැවති
 (Deraniyagala 1981). මධ්‍යශිලා යුගය පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ලැබීමට තරම් ප‍්‍රමාණවත් දත්ත සම්භාරයක් දිවයින තුළ ලෙන් කැනීම් මාලාවකින් හා එක් එළිමහන් ස්ථානයකින් ලැබී පවතී (දැරණියගල 1995:4). මුළු මහත් දකුණු ආසියාවෙන්ම ව්‍යුහ විද්‍යාත්මකව නූතන මානවයා (Modern Man) පිළිබඳව ලැබෙන්නා වූ පැරැුණිතම සාධක බුලත්සිංහල ෆාහියන් ලෙන (අදින් වසර 32,000-2,500), කුරුවිට බටදොඹලෙන (අදින් වසර 27,000-10,000), කිතුල්ගල බෙලිලෙන (අදින් වසර 25,000-1,500) හා ඇඹිලිපිටිය අසළ බෙල්ලන්බැ`දිපැළැස්ස එළිමහන් කැනීම් බිම ආදී කැනීම් ස්ථානයන්ගෙන් ලැබී ඇත (දැරණියගල 1995:4). මෙතෙක් ලැබී ඇති ලොව දියුණුම, ක්ෂුද්‍ර ශිලා මෙවලම් තාක්ෂණයක් පිළිබඳව සාධක ද දිවයිනෙන් ලැබීම

 වැදගත් ය. අවශේෂ ස්ථානයන් පිළිබ`ද කරුණු විමසා බලන විට මෙම මෙවලම් සයරේ රාජ්‍යයේ මටුපි ගල් ලෙනේ සාධක සමඟ සම්පාත වන අතර මෙම දත්ත මේ සම්බන්ධයෙන් ලැබෙන ලොව පැරැුණිතම සාධක අතරට ගැනේ (දැරණියගල 1991:13). නවශිලා යුගය පිළිබඳව, පිළිගත හැකි විධිමත් පුරාවිද්‍යාත්මක සාධක මේ වනතෙක් තහවුරු කිරීමට පුරාවිද්‍යඥයන් සමත් වී නොමැති අතර කෑගල්ල ආසන්නයේ දොරවකකන්ද ලෙන (ඩබ්ලිව්. එච්. විජයපාල) හා මහඑළිය (ටී. ආර්. පේ‍්‍රමතිලක) ආදී ස්ථානයන්ගෙන් මේ යුගය පිළිබඳ සාධක ඉදිරිපත් වන බවට කරුණු දක්වයි.

 ශිරාන් උපේන්ද්‍ර දැරණියගල – ජීවන තොරතුරු : ක‍්‍රිස්තු වර්ෂ 1942 මාර්තු මස 1 වැනිදා සිරාන් උපේන්ද්‍ර දැරණියගල උපත ලැබුවේ කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂක පී. ඊ. පී. දැරණියගල හා ප‍්‍රීනි මොළමුරේ දෙමාපියන් කොට ගෙනය. ප‍්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලැබූ සිරාන් දැරණියගල ශාස්ත‍්‍රවේදී (1963) උපාධිය වාස්තුවිද්‍යාව, සංස්කෘත බස යන විෂයන්ගෙන් ලැබී ය. අනතුරුව, ශාස්ත‍්‍රපති (1966) උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයෙන් ද ලැබූ අතර මෙහි දී ඔහු වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යාට හිමි වන ගෝර්ඩන් චයිල්ඞ් ත්‍යාගය දිනා ගැනීමට සමත් විය. 1964 සිට 1976 දක්වා එංගලන්තය, ප‍්‍රංශය හා ඉන්දියාව වැනි රටවල දී ප‍්‍රමුඛ ඝනයේ පුරාවිද්‍යාඥයන් යටතේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් දැඩි ශික්ෂණයක් නොහොත් ප‍්‍රායෝගික හා න්‍යාත්මක අවබෝධයක් ලැබීමට අවස්ථාව විය. 1968 දී දිවයිනට පැමිණි ඔහු ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබ 1969 අනුරාධපුරයේ ඇතුළු නුවර ගෙඩිගේ කැනීමේ සිට විවිධ වූ ප‍්‍රාග්, ප්‍රොටෝ හා මූල ඓතිහාසික පර්යේෂණ දියත් කළ අතර ඒ ස`දහා දායකත්වය ලබා දුන්නේය. ඒ අතරතුර, 1988 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් සරසවියෙන් අචාර්ය උපාධිය ලබා ගන්නේ එදා මෙදාතුර ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ආසියානු කලාපයෙන් බිහි වූ විශිෂ්ටතම ආචාර්ය උපාධි නිබන්දනයක් සේ සැලැකෙන Prehistory of Sri Lanka( an ecological perspective යන නිබන්ධය ඉදිරිපත් කරමිනි. 1983-92 අතර කාලයේ දී පුරාවිද්‍යා කැනීම් උපදේශකයෙක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු 1992 සිට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ අතර ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තිය සකස් කිරීම, ලංකාවේ පුරාවිද්‍යා උරුමය සුරැකීම සම්බන්ධ ව්‍යාපෘති හා මහජනයා දැනුවත් කිරීම් ආදී කාර්යන් ගණනාවක් සම්බන්ධයෙන් ප‍්‍රමුඛව ක‍්‍රියා කළේ ය. දේශීය හා විදේශීය ශාස්ත‍්‍රඥයන් හා ආයතන ගණනාවෙක සහයෝගයෙන් අඛණ්ඩව පර්යේෂණ වැඩසටහන් දියත් කළ ඒ මහතා 1976-77 කාලයේ දී හාවර්ඞ් සරසවියේ හා 1978න් පසුව, කැලණි සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණි හා පේරාදෙණි සරසවි යන ආයතනවල ආගන්තුක දේශකයෙක් වශයෙන් ද සේවය කරයි. 1999 දී සබරගමු සරසවියෙන් විද්‍යාසූරි (D.Sc)  සම්මානයෙන් හා 2001 දී පේරාදෙණි සරසවියෙන් සාහිත්‍යසූරි (D.’Litt) සම්මානයෙන් ද පිදුම් ලැබී ය. දකුණු ආසියාවේ හා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග්, ප්‍රොටෝ හා මූල ඓතිහාසික පුරාවිද්‍යාව දකුණු ආසියාවේ හා ශ‍්‍රී ලංකාවේ චාතූර්තික අවධියේ පරිසරය, පාරිසරික පුරාවිද්‍යාව, ශිලා මෙවලම් හා මැටි මෙවලම් පිළිබඳ අධ්‍යයන ආදිය තම අධ්‍යයන ක්ෂේත‍්‍ර ලෙස යොදා ගන්නා ඒ මහතා මව් පාර්ශ්වයෙන් තමාට හිමි වූ රත්නපුර, කුරුවිට, එක්නැළිගොඩ වලව්වේ තම බිරිඳ වන ඇනී සිබිල් හැනිබාල් දැරණියගල හා පුතු සමඟ වාසය කළේය.

චන්දිම බණ්ඩාර අඹන්වල
 සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය,
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

advertistmentadvertistment
advertistmentadvertistment