පෝට්සිටියේ යොට් එකක සංජානා විවාහ ගිවිස ගනියි

517

ගොඩක් දෙනෙක් දොස් කිව්වා….

පෝට්සිටියේ යොට් එකක සංජානා විවාහ ගිවිස ගනියි

මේ දිනවල විකාශය වන ‘දිවිතුරා’ ටෙලි නාට්‍යයේ ටීනා සැබෑ ජීවිතයේදී පසුගිය දා විවාහ ගිවිස ගත්තා’ ඔහු කවුද? මොනවද කරන්නෙ? මේ ගැන කුතුහලයක් බොහෝ දෙනාගේ  සිත් තුළ ඇතිවෙද්දි සංජානා ගමආරච්චි ඒ ගැන මේ විදිහට පැහැදිලි කළා.

පෝට්සිටියේ යොට් එකක සංජානා විවාහ ගිවිස ගනියි

සංජානා විවාහ ගිවිසගත්තා?

ඔව්.. මගේ විවාහ ගිවිසගැනීම පසුගිය දවසක සිදු වුණා’ විවාහ උත්සවය ලබන අවුරුද්දේ ගන්න තමයි තීරණය කළේ’ ඉතින් ලොකු පිරිසක් සහභාගි කරගන්න අවස්ථාවක් තිබුණෙ නැහැ’ යොට් එකට යන්න අවසර තිබුණෙ තිස් දෙනකුට පමණයි’ ඒ නිසා ළඟම හිතවතුන් කිහිපදෙනකුට පමණයි ආරාධනා කළේ’ ඒ මම වැටුණ වෙලාවේ මට අත දුන්න ළඟම හිතවතුන්’ අනෙකුත් සියලු දෙනාටම විවාහ උත්සවය දවසට ආරාධනා කරනව’

පෝට්සිටියේ යොට් එකක සංජානා විවාහ ගිවිස ගනියි

ආරාධනා නොලද අයගෙන් දොස් අහන්නත් සිදු වුණා?

ගොඩක් දෙනෙක් කෝල් කරල මට දොස් කිව්වා’ මැසේජ් මගින් දොස් කියල තිබුණ’ ඒ හැමෝගෙන්ම සමාව අරගෙන මම පැහැදිලි කරල කිව්වා විවාහ උත්සවයට අනිවාර්යයෙන්ම කියනව කියල’ ඇත්තටම මගේ පැත්තෙන් කිසිම නැදෑයකුට කිව්වෙ නැහැ’ තාත්තයි නංගියි විතරයි ආවෙ’

පෝට්සිටියේ යොට් එකක සංජානා විවාහ ගිවිස ගනියි

ඔහුගේ විස්තර?

ඔහු විහඟ තිවංක’ මේ දිනවල වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවට ගිහින් ඉන්නෙ’ ඔහු බොහොම අවංක නිහතමානී චරිතයක්’ ඒ නිසා තමයි මම කැමති වුණේ.

කොහොමද මේ හමුවීම සිදු වෙන්නෙ?

විහඟ මට මුලින්ම මුනගැහුණෙ ඔහුගේ මියුසික් වීඩියෝ එකකදි.

ඇයි ඔහුව තෝරාගන්නෙ?

මූලිකම දේ ඔහු මාව හොඳින් තේරුම් ගත්තා’ ඒ වගේම අවංකයි’ නිහතමානියි’ කෙළින් කතාකරනව’ කිසිම ලොකුකමක් නැතුව සාමාන්‍ය විදිහට පොළොවෙ පය ගහල ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්’ ඒ නිසා මම කැමති වුණා.

ආදර යෝජනාව මුලින්ම ගේන්නෙ?

ආදර යෝජනාව මුලින්ම ගේන්නෙ විහඟ.

මොකද ඒ වෙලාවෙ හිතුනෙ?

ඇත්තටම කිව්වොත් මගේ හිතේත් ඔහු ගැන කැමැත්ත තිබුණා. ඒ ගැන අහනකං බලාගෙන හිටියෙ.

ඔහුත් කලාවට සම්බන්ධයි?

ඔහුට ගීතයක් කරන්න ලොකු ආසාවක් තිබිල තියෙනව’ මුල්ම ගීතයේදී තමයි මට මුණගැහෙන්නෙ’ මේ වන විට දෙවැනි ගීතයත් කරල ඉවරයි’ නමුත් තවම එළිදැක්වීමක් සිදු වුණේ නැහැ’ මංගල උත්සවයට දින ළං වන විට ඒකත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනව’ කලාකරුවකු නොවුණත් ගීත ගායනය කියන්නෙ විහඟගෙ විනෝදාංශය.

ඔබත් මේ වීඩියෝ එකට සම්බන්ධ වුණාද?

මමත් රඟපාන්න ගියා එතනදි අපි යාළුවො වගේ කතා කරකර හිටියා. ඒ විදිහට තමයි අපි හඳුනාගෙන ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග යන්නෙ එයින් අවුරුද්දකට පස්සෙ අපේ විවාහ ගිවිස ගැනීම සිදු වෙනව.

සංජානාත් විදේශගතවෙයිද?

ඔව්” බොහෝ දුරට මමත් විදේශගතවෙයි’ නමුත් ලංකාව අතහැරල යන්නෙ නැහැ’ රංගන ශිල්පිනියක් හැටියට මම භාරගත්ත වැඩ තියෙනව’ ඒවා පිළිවෙළක් වුණ දවසට තමයි විදේශගතවීම ගැන මට තීරණයක් ගන්න වෙන්නෙ.

ඔබ ගැන ඔහුගේ පවුලේ අයගෙ ප්‍රතිචාර මොනවගේද?

විහඟට ඉන්නෙ අම්ම විතරයි’ තාත්තා එයා පොඩිකාලෙම මියගිහින්’ මම නිළියක් කියන එක ඔවුන්ට ගැටලුවක් වුණේ නැහැ. බොහොම ආදරෙන් මාව පිළිගත්තා.

ඔබ දෙදෙනාගේ විවාහයට සාක්‍ෂි වුණේ කවුද?

මගේ පැත්තෙන් සාක්‍ෂි වුණේ ධනුෂ්ක සේනාධීර’ විහඟගෙ පැත්තෙන් සැලෝන් ලියෝ ආයතනයේ ධනුෂ්ක.

මේ දිනවල වැඩකටයුතු?

භාරගත්ත වැඩ ටික මේ දිනවල කරගෙනයනව’ ඊට අමතරව අලුත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනව’ ඒවායේ රූගතකිරීම්වලට ඉදිරියේදී සහභාගි  වෙන්න බලාපොරොත්තු වෙනව.

විහඟගෙන් තහංචි නැද්ද?

මම රඟපානවට ඔහුගේ විරුද්ධත්වයක් නැහැ වගේම ඔහු කැමතියි මගේ දක්‍ෂතා දකින්න’ ඒ නිසා රංගනයෙන් සමුගන්න කිසිම අදහසක් නැහැ.

දැන් වගකීම් වැඩියි?

ඇත්තටම එහෙම ලොකු වගකීමක් පැවරුණා කියල හිතන්නත් බැහැ’ සුපුරුදු විදිහට වැඩ කරගෙන යනව’ අපේ වෙඩින් එකේ වැඩකටයුතුවලට තව මාස කිහිපයකින් විහඟ ලංකාවට එනව’ එයින් පස්සෙනම් වගකීම් ටිකක් වැඩිවෙයි කියල හිතනව.

චරිත තෝරා බේරා ගැනීමක් කරන්න සිදුවෙයි?

කොහොමත් මම කලාවට පැමිණි දවසේ ඉඳන් මට කැමති” මම ආස චරිත තමයි භාර ගත්තෙ’ ඒක විවාහ වුණා කියල වෙනස් වෙන්නෙ නැහැ’ ඉදිරියටත් ඒ දේ ඒ විදිහටම සිදුවේවි’

‘දිවිතුරා’ හි ටීනාට ලැබෙන ප්‍රතිචාර?

 ඇත්තටම දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනා කියන චරිතය මේ වන විට බොහෝ දෙනා හඳුනන” ආදරය කරන චරිතයක් වෙලා තියෙනව’ දවසින් දවස ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර ඉහළ යනවා.

ඔබ අද ඉන්න තැන ගැන සෑහීමකට පත්වෙනවද?

රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න මම මාර කට්ටක් කෑව’ ආපස්සට හැරිල බලද්දි ඒ කාපු කට්ටත් එක්ක අද අඩියක් හරි ඉදිරියෙන් ඉන්න එක ගැන මට ලොකු සතුටක් තියෙනව’

ඔබේ විවාහ ගිවිසගැනීම වෙනස්ම ආකාරයක් ගත්තා?

ඔව්… මට හිතුන මගේ ජීවිතයේ ලස්සනම දවසෙ වෙනස්ම විදිහෙ දෙයක් කරන්න ඕන කියල’ ඉතින් මමයි විහඟයි කතාකරල හොඳට හිතල බලල තමයි තීරණය කළේ” අපි මේ උත්සවය කොළඹ වරාය නගරයේ ‘යොට්’ එකක ගන්නව කියල.

මහේෂ් එදිරිසිංහ
ඡායා – ධනුෂ්ක සේනාධීර

advertistmentadvertistment
advertistmentadvertistment