පෝට්සිටි ආයෝජකයන්ගෙන් ඩොලර් 2000ක වාර්ෂික ගාස්තුවක් ගනී

138

කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සිදුකරන ආයෝජකයන්ගෙන් අමෙරිකානු ඩොලර් 2,000ක වාර්ෂික ගාස්තුවක් අය කිරීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඊට අදාළ මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඉකුත් 28 වැනිදා නිකුත් කර ඇත.

සෑම වසරකම මාර්තු 31 වැනිදායින් අවසන් වන මාස 12ක කාලසීමාවකට යටත්ව මෙම බලපත්‍රය නිකුත් කරනු ලැබේ.

ඉදිරිපත් කෙරෙන අයැදුම් පත්‍ර ඇගයීමට ලක්කිරීමෙන් පසු කොන්දේසිවලට අනුකූල නම් අදාළ මෙහෙයුම් බලපත්‍ර සඳහා අනුමැතිය ලබා දෙන අතර, ආයෝජකයන් මහ බැංකුවේ නියාමයන්ට ද අනුකූල විය යුතු බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම දන්වා ඇත.

අවසර ලත් ආයෝජකයන්ට කොළඹ වරාය නගර බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ව්‍යාපාර කරගෙන යෑමට සුදුසුකම් හිමි වේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment