පෝට් සිටි විදෙස් ආයෝජකයන්ට වසර 40කට බදු සහන

109

කොළඹ වරාය නගරයේ ආයෝජනය කරනු ලබන විදේශීය ආයෝජකයන්ට වසර හතළිහක් දක්වා බදු සහන පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ පියවරක් ලෙස ඇමැති මණ්ඩලය එම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලොව තරගකාරී රටවල් විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා ආයෝජකයන්ට ඉතාම ආකර්ෂණීය සහන පිරිනමන අතර එකී අභියෝග ජයගෙන ඉදිරියට යෑමට නම් ශ්‍රී ලංකාව ද එසේ ක්‍රියා කිරීමට පියවර ගතයුතු යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මුළු රටම අපනයන කලාපයක් බවට පත් කරමින් අපනයන වැඩිකර ගැනීම සහ ඍජු විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීම මේ වන විට රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීමේදී සාර්ථක විසඳුමක් වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (07 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment