පෝදා නිවාඩුවට බූරු ගැසූ අටකට පොලිස් පාඩමක්

195

නිරෝධායන නීති කඩකරමින් නවම් පෝදා අද (16) උදාවෙද්දී කන්දකැටිය බුබුල ගම්මානයේ නිවසක නීතිවිරෝධී අන්දමින් බූරුවා ගැසූ පුද්ගලයින් අට දෙනෙකු බූරුවා ගැසීමට යොදා ගත් බව කියන බූරුවා කූට්ටමක් ඇතුලූ‍ භාණ්ඩ තොගක් සමග සැකපිට අත් අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

කන්දකැටිය පොලීසිය වෙත ලද ඔත්තුවක් මත කන්දකැටිය පොලීසියේ නිලධාරීහු පිරිසක් එක්ව වැටලීම සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය, බුබුල හා ඒ අවට ගම්මානවල අවුරුදු 30-65 අතර වයස්වල පසුවන පිරිසකි.

advertistmentadvertistment
advertistmentadvertistment