පෝරකයට නියම වූ රෝගීන්ට සහන දෙන්න විශේෂඥ කමිටුවක්

128

බන්ධනාගාර ගතව සිටින මරණ දඬුවම් ජීවිතාන්න දක්වා වු සිරදඬුවම් සහ බරපතළ රෝගාබාධවලට ලක්ව ඇති වයස්ගත රැඳවියන්ට අධිකරණ අමාත්‍යාංශයේ අධීක්‍ෂණයන්ට යටත්ව සහන සැලසීමට විෂයභාර ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුව ඇත.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ විශේෂඥ වෛ්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් නිර්දේශයන් ලබා ගනිමින් එම රැඳවියන්ට අදාළ සහනයන් ලබා දීමට ක්‍රියා කරනු ඇත.

බන්ධනාගාර පද්ධතිය තුළ මේ වන විට පවතින අධික තදබදය සිරකරුවන් පුනුරුත්ථාපනය සහ යහපත් පුරවැසියන් ලෙස ඔවුන් යළි සමාජ ගත කිරීමේ අභියෝගයද සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ සමාජ අපරාධ අවම කරමින් කාර්යක්‍ෂම බන්ධනාගාර පද්ධතියක් පවත්වාගෙන යෑම සඳහා යල් පැන ගිය නීති රෙගුලාසි ද සංශෝධනය කිරීමට මෙමගින් පියවර ගන්නා බව අමාත්‍යාංශය කියයි.

මෙරට බන්ධනාගාර තුළ දඬුවම් ලැබු සිරකරුවන් 10200 කට අධික පිරිසක් රඳවනු ලැබ ඇති අතර 16000 කට අධික පිරිසක් විවිධ සුළු අපරාධ වැරදි යටතේ රිමාන්ඩ් සිරකරුවන් ලෙස රැඳවුම් නියෝග යටතේ සිටිති.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ වෙනත් රටවලට සාපේක්‍ෂව සමාජ අධ්‍යාත්මක පර්යේෂණවලින් සිරකරුවන්ගේ ආකල්ප එතරම් දියුණු මට්ටමකට සංවර්ධනය නොවන බවට හඳුනාගෙන ඇති අතර සිරකරුවන්ගේ සුබසාධනය සමාජ ආරක්‍ෂාව සහ ආකල්ප පෝෂණය පිළිබඳව ද අවධානය යොමු කරමින් ගුණාත්මක වෙනසක් සිදු කිරීම සඳහා අදාළ පියවරයන් කඩිනම් කිරීමට විෂයභාර ඇමැතිවරයා අවධානය යොමු කර ඇත.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment