පෝරඹ අනතුරින්  සංගීත ශිල්පියෙක් මරුට

1049

අම්බලන්ගොඩ” පෝරඹ හන්දියේදී පෙරේදා (31දා) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් ප්‍රදේශයේ සංගීත ශිල්පියකු  මියගොස් තිබේ’ මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ” පෝරඹ පදිංචි සවුන්ද මරක්කල අජිත් හෙවත් අජිත්  අම්බලන්ගොඩ (50) නමැති අයයි’ මියගිය අය විවාහක එක් දරු පියකු බව අම්බලන්ගොඩ පොලිසිය කියයි’

මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ’ වගආරච්චි මහත්මිය විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්’ එම්’ රූපසිංහ මහතා විසින් ඊයේ (01දා) බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි’

සිද්ධියට අදාළ අනතුර සිදුකළ ‘බට්ටා’ වර්ගයේ ලොරි රථයේ රියැදුරු පෙරේදා (31 දා) රාත්‍රියේම අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ’ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ

අම්බලන්ගොඩ” පොල්වත්තේ පදිංචි දේහිංග චන්ද්‍රසිරි (46) නමැති අයයි’ සැකකරු ඊයේ (01 දා) දිනයේ දී බලපිටිය මහෙස්ත්‍රාත් හංසදේව සමරදිවාකර මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි‘ පෙරේදා (31 දා) සවස 5’50 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බව අම්බලන්ගොඩ පොලිසිය කියයි’ මියගිය අය අම්බලන්ගොඩ” පෝරඹ නිවසේ සිට අම්බලන්ගොඩ නගරය දෙසට සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අම්බලන්ගොඩ දෙස සිට පෝරඹ දෙසට පැමිණි ‘බට්ටා’ වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව අම්බලන්ගොඩ පොලිසිය පොලිස් පරීක්ෂණවලදී තහවුරු කර ගෙන තිබේ’ සැකකරු අනතුර සිදුවන අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිට ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි ද අම්බලන්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය’ සැකකාර රියැදුරු ද සංගීත ශිල්පියකු බවත් මියගිය අය හා සැකකරු එකට සිය සේවාව සපයා ඇති බවත් පොලිස් පරීක්ෂණවල දී තහවුරු වී තිබේ’ සැකකරු මියගිය අයගෙන් සංගීතය ඉගෙන ගෙන තිබෙන බව ද අම්බලන්ගොඩ පොලිසිය කියයි’ අම්බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද” පොලිස් සැරයන්වරුන් වන ගයාන් (60720) සහ සමන් (35540) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති’

අනුර යසමිත් -බළපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment