පෝලන්තයේ කැරොලිනා ලෝක රූ රැජින වේ

382

පුවටෝරිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් අගනුවරදී පැවති 70 වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පෝලන්තයේ විසිතුන් හැවිරිදි කරොලිනා බියලොව්ස්කා 2021 ලෝක රූ රැජින කිරුළ හිමි කර ගත්තාය.

රටවල් 97 ක තරගකාරියන් අතරින් ඇය කිරුළ හිමි කර ගනු ලැබූ අතර, ඇය කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටී. නිරූපිකාවක් ලෙස ද අය කටයුතු කරනු ලබයි.

තරගාවලියේ අනුශූරතාව ඇමරිකාවේ ශී‍්‍ර සියැනි හයිමි කර ගත්තාය. ඉන්දියානු සම්භවයක් ඇති ඇය විසිහය වැනි වියේ පසු වෙයි. දෙවැනි අනුශූරතා හිමි වුණේ අයිවරි කෝස්ට් රාජ්‍යයේ ඔලිවියා යාස්ටය.

advertistmentadvertistment
advertistmentadvertistment