‘පෝලිමට එන්න’ වැඩ නිම වෙයි

117

අරගලයට ඉව අල්ලන මෙහා ඉවුරේ තාරුණ්‍යය යන පාඨය තේමා කරගෙන කරන ලද “පෝලිමට එන්න” ටෙලිනාට්‍යය නිර්මාණයේ වැඩකටයුතු නිමකර තිබේ.

එම නාට්‍යය වැඩකටයුතු අවසන් කර ඇත්තේ හෝමාගම, මාගම්මන ප්‍රදේශයේදීය.

'පෝලිමට එන්න' වැඩ නිම වෙයි

සුරංග ලක්මාල් සෙනෙවිරත්න විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම ටෙලි නාට්‍යය සඳහා විමර්ශන රත්නායක කැමරාකරණයෙන් දායක වී තිබේ. මෙහි රංගනයෙන් දිනිඳු ඒකනායක, තිලිණ ද සිල්වා, දිල්මි ගුණරත්න, ළමා නළු ශිරෝෂි ආදිත්‍ය, සියාරා ගඟුලි සෙනෙවිරත්න, ගෞමදි සොහන්සා, අබීමාන් යන ශිල්පීන් හා ශිල්පිණියන් එක්වෙති. මෙම ටෙලිනාට්‍යය ඔබට යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment