පෝලිමට පිටින් ඉන්ධන ගන්න ඇවිත් කලබල කළ  පිරිස පළවා හරින්න පොලිසිය වෙඩි තබයි

90

නියාගම තල්ගස්වල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පෝලිමෙන් පිටතින් පැමිණි තරුණ පිරිසක් ඉන්ධන ලබා ගැනීමට යාමේ දී එහි සිටි පොලිස් නිලධාරින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබෙන අතර තත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියකු විසින් තම ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බැව් නාගොඩ පොලිසිය පවසයි.

ඊයේ (23) පස්වරුවේ දී මෙම සිද්ධිය වී ඇත. තල්ගස්වල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කරමින් සිටියදී නියාගම ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ඉන්ධන පෝලිමෙන් පිටතින් පැමිණ ඉන්ධන ලබාගැනීමට උත්සාහ කොට ඇත. මෙහිදී ඉන්ධන පිරවුම්හලේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් සමග ගැටුමක් ඇතිවී තිබේ. එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරියකු විසින් ටී. 56 ගිනි අවියෙන් අහසට වෙඩි කිහිපයක් තබා තත්වය පාලනය කිරීමට කටයුතු කර ඇති බැව් නාගොඩ පොලිසිය පවසයි.

මෙකී උණුසුම්කාරි තත්වය පාලනය කොට යලි සුපුරුදු පරිදි ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ බැව් නාගොඩ පොලිසිය පවසයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment