‘පෝලිම්වලට එන්න එපා’ – ගෑස් නැවක් අද සවස කොළඹ වරායට එනවා – ලිට්‍රෝ සභාපති කියයි

182

එල්.පී. ගෑස් මෙටි්‍රක් ටොන් 3500 ක් අඩංගු නෞකාවක් අද (30 දා) සවස 1.00 ට කොළඹ වරාය වෙත පැමිණෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම ගෑස් තොගය අද (30 දා) දිනයේදීම මුතුරාජවෙල පර්යන්තය වෙත ගොඩබාන බවද එම ගෑස්වල ප්‍රමිතිය සහතික වූ පසු හෙට (31 වැනිදා) සිට බෙදාහරින බවද සභාපතිවරයා කීය.

මෙම ගෑස් ප්‍රමාණය රටේ සමස්ත අවශ්‍යතාවට කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ප්‍රමුඛතා මත ඒවා ලබාදෙන බවත් අනවශ්‍ය ලෙස පෝලීම් ගැසී නොසිටින ලෙසත් ඒ මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment