පෝලිම් ඉවර කරන්න මැදපෙරදිගින් මාස 6කට ක්‍රෙඩිට් ලයින් එකක් ගත යුතුයි – එස්. එම්. මරික්කාර්

279

මේ තියෙන අර්බුදය පුනර්ජනනීය නංගි පෙන්නලා අදානිලත් එක්ක එකතු වෙලා දූෂිත අක්කව දෙන්න හදනවා වගේ වැඩක්. තියෙන අර්බුදය තුළිනුත් දූෂණයට පාර කපන්න ආණ්ඩුව ලැහැස්ති වෙනවා යැයි සමගි ජන බලවේග පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16 දා) පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා බවට පත්වුණාට පස්සේ තෙල්, ගෑස් පෝලිම් දිගින් දිගටම ලොකු වෙලා තියෙන වෙලාවේ ඉන්දියාවත් තරහා වෙලා අපෙන් අයින් වුණොත් මේ තෙල් පෝලිම තවදුරටත් වැඩි වෙලා තෙල් නැති තත්ත්වයට පත් වෙනවා. ඉන්දියාවයි ලංකාවයි අතර ගැටලුවක් හදන්න ප්‍රකාශයක් කරපු සභාපතිවරයාට රට අවුල් කරලා ඉල්ලා අස් වෙලා ඉන්න දෙන්න බෑ. පරීක්ෂණයක් හරහා මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමේ අවශ්‍යතාවයක් ජනතාවට තියෙනවා. කිසිසේත්ම අපිට මේ හරහා උදව් කරන ඉන්දියාව වගේ රටක් තරහ කරගන්න බෑ. ඒවාට මේ වගේ පුද්ගලයකුට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මේ සියලු කරුණු පිළිබඳව වහාම විමර්ශනයක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

පෝලිම් තියෙනවා නම් සංචාරකයන් එන්නේ නෑ. ශ්‍රී ලංකාවේ ජනතාවට මෙච්චර දුක් විඳින්න වෙලා තියෙනවා නම් සංචාරකයෝ ලංකාවට එයිද. ඒ නිසා පෝලිම් ඉවර කර ගැනීම අත්‍යවශ්‍යයි. අගමැතිතුමාට යෝජනා කරනවා මැදපෙරදිග රටවල් සමඟ සාකච්ඡා කරලා අවම වශයෙන් මාස 6 පෝලිම් අවුරුද්දකට ‘ක්‍රෙඩිට් ලයින්’ එකක් ගන්න කියා. එතකොට තෙල් ටික එනවා. පෝලිම් නැති වේවි. තෙල්වලට දැනට වියදම් කරන මුදල් ගෑස් සහ පොහොර ලබා ගන්න වියදම් කරන්න පුළුවන්. එතකොට ගෑස් හෝ තෙල් පෝලිම් නැති වෙනවා. ගොවීන්ට පොහොර ලැබෙනවා. ඒ වගේම ආහාර අර්බුදයට යම් ආකාරයෙන් විසඳුමක් හොයාගන්න පුළුවන්. පෝලිම් නැතිවුණොත් සැප්තැම්බර් මාසයේ සංචාරක කර්මාන්තයේ සීසන් එකේදී රට සන්සුන් වෙලා තියේවි. එවිට සංචාරකයන් එන්න ගන්නවා. එහිදී ඩොලර් මිලියන 250ක් පමණ අලුතෙන් ආර්ථිකයට ඇතුළු වෙනවා.

ඒ දේ වෙන්නේ මාසෙකදි. ඒ කියන්නේ උන්ඩියල් ක්‍රමයයි බැංකුවයි අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 10ට වඩා අඩු වේවි. එහෙම අඩුවුණාම විදේශීය ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්න ගන්න පුළුවන්. එහිදී රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ නිසා මේ මාධ්‍ය හමු තිය තිය ජාත්‍යන්තරය අරයත් එක්ක කතා කරා මෙයත් එක්ක කතා කරා කියලා වැඩක් නෑ. ක්‍රියාවලියයි අවශ්‍ය.

සමහරු ඉන්නවා ගෝල්ෆේස් එකේ සෙනඟ ටිකක් අඩු වුණාම අරගලය ඉවරයි කියලා හිතන. අරගලය ආවේ කන්න බොන්න නැති, කරුවලේ ඉන්න අයගේ පීඩනයත් එක්ක. ඒ අරගලයේ මතවාදය එන්න එන්න ජනතාවගේ මනස තුළ වර්ධනය වෙනවා. ඒ නිසා දේශපාලනඥයො හිතන්න එපා අරගලය ඉවරයි කියලා.

අපි අගමැතිවරයාට නැවතත් යෝජනා කරනවා මැදපෙරදිග තෙල් ගත්තම ‘ක්‍රෙඩ්ට් ලයින්’ එකෙන් මේ ප්‍රශ්නය ඉවර කරගන්න පුළුවන් කියා. එයට අවශ්‍ය වැඩ කටයුතු කරන්න. අවශ්‍ය සහයෝගය විපක්ෂයෙන් ලබාගන්න.

වගා කරන්න ලංකාවේ ඕන තරම් ඉඩම් තියෙනවා. කොළඹ නගරයේ ඉඩම්වල වාණිජ වටිනාකම් ඉහළයි. මේවා වගා කිරීමේ මුවාවෙන් තම තමන්ගේ ගජ මිතුරන්ට දොළ පිදේනි දීම සඳහා සූදානම් වෙනවාද කියලා අපට සැකයක් තියෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment