පෝලිමෙන් පිට අයට තෙල්දීම වීඩියෝ කළැයි පිරවුම්හල් සේවකයන්ගෙන් පහරකෑ තරුණයා මරුට

622

යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයන් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනකුගෙන් එක් අයෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23 දා) මියගොස් තිබේ.

මෙම ඉන්ධන පිරවුම්හලේ විශාල පිරිසක් පෝලිමේ සිටියදී ඉන්ධන පිරවුම්හලේ සේවකයන් විසින් අක්‍රමිකතාවක් යටතේ ඉන්ධන ලබාදුන් අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ කිරීම ගැන උරණ වූ සේවකයෝ එම තරුණයන් දෙදෙනාට පහර දී තිබුණි. පහරකෑමට ලක් වූ තරුණයන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසුව යාපනයේ උඩුවිල්, චේපමලෙයි කෝවිලඩි ප්‍රදේශයේ පදිංචි සෙල්වරතිනම් ප්‍රසාන් (23) නමැති තරුණයා මියගොස් තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් අදාළ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් තුන් දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment