පෝලීම්වල ඉන්න එපා! අද නැව එනතෙක් රටේ පෙට්‍රල් නෑ

181

කොළඹ වරායට අද (18 දා) පැමිණීමට නියමිත නෞකාවේ අඩංගු පෙට්‍රල් තොගය ගොඩබා බෙදාහරිනතුරු රට තුළ පෙට්‍රල් නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.

දැනට සංස්ථාව සතුව තිබෙන පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 2000ක පමණ ප්‍රමාණය ඉන්ධනහල් වෙත බෙදා දුන්නත් එය ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නැතැයිද සංස්ථාව සඳහන් කළේය.

එනිසා පෙට්‍රල් ලබා ගැනීමට පෝලිම්වලට වී බලා නොසිටින ලෙසද සංස්ථාව පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් ඉන්දීය ණය පදනම මත මෙරටට ගෙන්වාගත් ඩීසල් මෙට්‍රික්‌ ටොන් 40,000ක් අඩංගු නෞකාවෙන් ඩීසල් ගොඩබෑම ආරම්භ කර බෙදාහැරීමට පියවර ගත් නිසා ඩීසල් හිඟය යම් පමණකට විසඳිය හැකි වෙතැයිද සංස්ථා ප්‍රධානියෙක් කියා සිටියේය. විදුලි බලාගාර සඳහා සහ ප්‍රවාහනය සඳහා එම ඩීසල් ප්‍රමාණය සෑහෙන්නේ දින හතරක පමණ කාලයකට පමණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment