පෞද්ගලික ගෑස් ඒකාධිකාරියක් බිහිවෙන්න ඉඩ දීලා – අනුර කුමාර දිසානායක

160

මෙරට ගෑස් වෙළෙඳපොළේ විශාලතම පංගුව හිමි රාජ්‍ය සමාගම වන ලිට්රෝ සමාගමේ සහන මිලක් පවත්වාගෙන යෑමේ හැකියාව අභියෝගයට ලක් කරමින් පෞද්ගලික ගෑස් සැපයුම් ඒකාධිකාරියක් නිර්මාණය වීමට ඉඩ දී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 272 යටතේ පෙරේදා (06 දා)  පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී ඒ මහතා පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් පිළිතුරු අපේක්‍ෂාවෙන් ප‍්‍රශ්න හතරක් විමසීය. එම ප‍්‍රශ්න මෙසේය.

රාජ්‍ය හා පෞද්ගලික ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර සියොලිට් ප‍්‍රයිවෙට් ලිමිටඞ් නමින් වෙනම ආයතනයක් කි‍්‍රයාත්මක වන්නේද?

එම නව සමාගම පිහිටුවීම මේ පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත් කරන ලද කැබිනට් අනු කමිටුවේ තීරණයක් වන්නේද? එසේ නොවේ නම් අනු කමිටු තීරණයට පිටින් මෙම තීන්දුව ගත්තේ කවුද? එම සමාගමේ අයිතිය 75% හා 25% වන පරිදි ලිට්රෝ සහ ලාෆ්ස් අතර බෙදීමට තීරණය කළේ කවුරුන් විසින්ද?

ගෑස් සැපයුමේ ඒකාධිකාරය පෞද්ගලික තරගකාරී සමාගමක් අතට පත්වීම ලිට්රෝ සමාගමේ 80% ක වෙළෙඳපොළ පංගුවට අභියෝගයක් නොවන්නේද? මෙම තීරණය හේතුවෙන් ලිට්රෝ සමාගමේ පැවැත්ම අවදානමට ලක් නොවන බවට ආණ්ඩුවට ඇති සහතිකය කුමක්ද?

මෙම නව සමාගම විසුරුවා හැරීමට ජනාධිපති ලේකම්වරයා විසින් උපදෙස් දුන් බවට මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණා. එම කරුණ සත්‍යයක්ද? මෙම සමාගම පිළිබඳ නවතම තත්ත්වය කුමක්ද?

ඊට සමුපකාර සේවා, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ඇමැතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

දැනට පවතින තත්ත්වය අනුව මේ වනවිට වෙළෙඳපොළේ පවතින මිලටත් වඩා අඩුවෙන් ගෑස් ලබාදිය හැකි වුවත්, ඉදිරියේදී ගෑස් මිල වැඩි කිරීමට සිදුවනවා. ලෝක වෙළෙඳපොළේ දී ගෑස් මිල ගණන් ඉහළ යෑම මත මෙරට ගෑස් වෙළෙඳපොළ නැංවීමට සිදුවනවා.

ගෑස් මිල රුපියල් 217 කින් වැඩි කිරීමට ලිත්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් ඉල්ලීම් කළ ද පසුගිය කාලයේදී එසේ නොකොට රුපියල් 60 කින් බදු අඩු කිරීම සිදුකළා. කෙසේ වෙතත් ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක් ඩොලර් 800 ට ඉහළ ගිහින්. ඉදිරියේදී එය තවත් වැඩිවිය හැකි බැවින් තවදුරටත් ගෑස් මිල වැඩි කිරීමට සිදුවනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment