පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

150

මැයි මස 09වැනිදා අරලියගහ මන්දිරය වෙත පැමිණ පෞද්ගලික බස් රථ කිහිපයකට පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ පිහිටි යුරෝපා සංගමයේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.එදින පැමිණි බස් රථ 50කට පමණ ගිනි තබා විනාශ කර ඇති බව පවසන එම සංගමය ඉන් එම බස් රථ හිමිකරුවන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් ම අහිමිව අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ද සදහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment